කොරෝනා බවට සැකකරන 103ක් රෝහල්වල කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 14 March 2020
සියලුම සිනමාශාලා වසා දමයි කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) තීරණය කර තිබේ. 14 March 2020
කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 14 March 2020
එළවළු මිල ඉහළ දැමීමට එරෙහිව ගොවියෝ හරස්වෙති කොරෝනා සිද්ධියත් සමඟ සීඝ්රයෙන් ඉහළ මිලකට අලෙවි වූ එළවළු යාපනයේ ගොවීන් විසින් අද (14) අලුයම් කාලයේ සිට පහත දමා අඩු මුදලට අලෙවිකිරීම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය. 14 March 2020
නිරෝධායන කටයුතු වල යෙදූ බස් රථයක් අනතුරට කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරෝධායන කටයුතු වෙනුවෙන් කටුනායක සිට වව්නියාව ප්‍රදේශයට ප්‍රවාහනය කර ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් අද අලුයම (14) ඒ9 මාර්ගයේ කැකිරාව හෝරාපොල මංසන්ධියේදී අනතුරට ලක්ව තිබේ. 14 March 2020
කොරෝනා ව්‍යාප්තිය ජාතික හදිසි තත්ත්වයක් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ‘ජාතික හදිසි තත්ත්වයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 14 March 2020
සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්න සේවයට පැමිණීම අත්‍යවශ්‍ය නොමැතිනම් අවම වශයෙන් සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර එම සංවිධාන මූලස්ථානයේ සේවයේ නිරත සේවකයන්ට ඊයේ (13) දැනුම් දුන්නේය. 14 March 2020
සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක් කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක් පනවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) නිවේදනය කළේය. 14 March 2020
කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 5000 ඉක්මවයි ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට අද දක්වා කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ. 13 March 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යප්තවීමේ අවදානම ඉහළට බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 10,000 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එරට සෞඛ්‍ය බලධාරීහු අද (13) කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ඉහළ අවදානමක් ඇති වසංගත තත්ත්වයක් ලෙස නම්කර තිබේ. 13 March 2020
මීගමු බන්ධනාගාරයට ගෙනා රුමේනියානුවා කන්දකාඩුවට යවයි මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ආ සැකකාර රුමේනියානු ජාතිකයකු බන්ධනාගාරය තූළට නොගෙන එම පරිශ්‍රයේ රඳවා තබා හෙට (14) කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 13 March 2020
කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 3 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 13 March 2020
කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක් කොරෝනා හෙවත් කොවිඞ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ. 13 March 2020
රටවල් 11 කට සංචාරක තහනමක් කොරෝනා වෛරසය තදින් පැතිර යමින් තිබෙන රටවල් 11 ක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම හෙට (14) සිට නතර කිරීමට රජය තීරණය කර ඇත. 13 March 2020
විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනතුරු ඇඟවීමක් සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීම සඳහා කොරෝනා වයිරසය පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හැරීම හෝ බෙදාගැනීම සඳහා සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාවට අවධාරණය කරයි. 13 March 2020
ආසාදිත මඟ පෙන්වන්නාගේ පුතාත් අයිඩීඑච් රෝහලට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ 18 හැවිරිදි ප්රත්රයා ද මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 13 March 2020
කොරෝනා දැයි සැක තවත් 3 ක් හලාවතින් ගම්පහ රෝහලට හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණි තිදෙනෙකු සම්බන්ධයෙන් ඇතිවි ඇති සැකයක් මත කොරෝනා රෝගීන් දැයි පරීක්ෂා කිරිමට ගම්පහ මහ රෝහලට අද (13) යැවූ බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය. 13 March 2020
ආසාදිතයින් තහවුරු කරගැනීමේ පරීක්ෂණයට තවත් ආයතන 4කට පහසුකම් මෙතෙක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පමණක් සිදුකළ කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම් තවත් රෝහල් 3 කට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 13 March 2020
බ්‍රසීල ජනපතිගේ වෛද්‍ය වාර්තාව ගැන ට්‍රම්ප් අවධානයෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොරානෝ මහතාටත් කොරෝනා වයිරසය වැළඳී ඇත්ද යන්න පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අද (සිකුරාදා) දැනගැනීමට ලැබෙනු ඇත. බ්‍රසීල ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී බ්‍රසීල ජනාධිපතිවරයාට අතට අත දී සුබ පැතුම් පිරිනමා තිබේ. 13 March 2020
‘එයාර් ඉන්දියා’ රටවල් 6ක ගුවන් ගමන් අත්හිටුවයි ඉතාලිය, ප්‍රංශය, දකුණු කොරියාව, කුවේට්, මැඩ්ඩ්රිඩ් (ස්පාඤ්ඤය) සහ කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා ගුවන් සේවය අද පියවර ගත්තේය. 13 March 2020
අයිඩීඑච් රෝහලේ කොරෝනා ආසාදිතයන් සුවඅතට අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ. 13 March 2020
තවත් විදේශීකයන් 101 ක් නිරෝධායනයට දියතලාව හමුදා කඳවුරට කොරියාව සහ ඉතාලියේ සිට පැමිණි තවත් දේශීය මගීන් 101 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් අද (13) දියතලාවට රැගෙවිත් දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කඳවුරට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි. 13 March 2020
ප්‍රංශයේ සියලු පාසල්-විශ්වවිද්‍යාල වසාදමයි සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා දැනුම් දී තිබේ. 13 March 2020
කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 13 March 2020
එවරස්ට් කඳු තරණය නවතයි කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉදිරි ගවේෂණ සමය සඳහා එවරස්ට් කන්ද වසා දැමීමට නේපාල බලධාරීන් තීරණය කර තිබේ. 13 March 2020
ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැතිටත් කොරෝනා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. 13 March 2020
සියලුම පෙරපාසල් වහයි දිවයිනේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 13 March 2020
සියලු සරසවි සති දෙකක් වහයි රජයේ සියලු විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි. 13 March 2020
ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 13 March 2020
සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවට පැමිණන සියලුම සංචාරකයින් හැකි විගසින් වහා නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්ය ආයතනයේ හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසීය. 13 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026