රැඳවියකුට කොරෝනා වැළඳුනේ යැයි සැකයට බන්ධනාගාර නිලධාරීහු වැඩ වරති අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා රෝගය වැළදී ඇතැයි සැකයට අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියාට බියෙන් බන්ධනාගාර නිලධාරින් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා ඇති වී තිබෙන උසස් නිලධාරියකු අද (15) පැවසීය. 15 March 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 152,000 ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 152,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 15 March 2020
වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. 15 March 2020
ලන්ඩන් නුවර අලුත උපන් බිලිඳෙකුටත් කොරෝනා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකදී අලුතින් උපන් බිලිඳෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. 15 March 2020
ශ්‍රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක් අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 15 March 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 93 දක්වා ඉහළට ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 93 දක්වා ඉහළ ගොස් තිබේ. 15 March 2020
ගාල්ල වරායෙන් රටට ඇතුළු වන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයට යොමු කරනවා ගාල්ල වරාය ඔස්සේ රටට ඇතුළුවන නැව් සේවකයන් සියලු දෙනාම වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බවත් ඔවුන් අතරින් රෝගී යම් අයකු සිටී නම් නිරෝධායන කටයුතු සඳහා යොමුකරන බවත් ගාල්ල වරාය කළමනාකරු කේ.ඒ.කේ.එන්.ඩබ්ලිව්.වීරසිංහ මහතා පැවසීය. 15 March 2020
‘කොරෝනා පාලනයට එරෙහිව පාකිස්ථානය ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි’ නව කොරෝනා වයිරස් (කොවිඩ් -19) තර්ජනයට එරෙහිව පාකිස්තානය ගෙන ඇති පියවර ’කාලෝචිත’ සහ ’හොඳම ජාතික ප්‍රතිචාර වැඩසටහන’ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. 15 March 2020
හලාවතටත් නිරෝධායන මධ්‍යස්ථානයක් කොරෝනා රෝගින් බවට සැක කෙරෙන් රෝගින් හදුනා ගැනීමට හා ප්‍රතිකාර ලබා දිමට හලාවත නගරය තුළ නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට හලාවත දිස්ත්‍රික් මහ රෝලේ අධිකාරී හා හලාවත නගර සභාව අතර පැවැති සාකච්ඡාවකින් පසු තීරණය කර තිබේ. 15 March 2020
කොරෝනාවෙන් ඩෙන්මාකයේ පුද්ගලයකු මරුට ඩෙන්මාකයේ 81 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ. 15 March 2020
ට්‍රම්ප්ට කොරෝනා නැති බව තහවුරු වෙයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 March 2020
ස්පාඤ්ඤයේ අගමැති බිරිඳට කොරෝනා ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චිස් මහතාගේ බිරිඳ වන බෙගෝනා ගෝමස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 15 March 2020
විශේෂ සාකච්ඡාවක් හෙට කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට (15) පැවැත්වේ. 14 March 2020
විදේශ අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අද (14) නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 14 March 2020
ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කෝවිඩ් - 19 පරීක්ෂණයක් කෝවිඩ් - 19 වයිරසයට ගොදුරු වී ඇතිද නැද්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහා තමන්ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහතා තමන්ගේ ශරීර උෂ්ණත්වය ඉතාමත් සාමාන්‍ය මට්ටමේ පවතින බව පවසයි. අද (14 වැනිදා) වොෂින්ටන් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් මහතා එසේ කියා සිටියේය. 14 March 2020
කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඉතාලියේ සිට හොරෙන් ආ හැටි ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 14 March 2020
කොරෝනා පැතිරීමේ කේන්ද්‍රස්ථානය යුරෝපයට යුරෝපය මේ වනවිට කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. චීනයේදී වයිරසය ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාටත් වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් ලෝකයේ සෙසු රටවලින් දිනපතා වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 14 March 2020
සඳුදා රජයේ නිවාඩු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14 වැනිදා) රාත්රියේදී එ් බව පැවසීය. 14 March 2020
හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය බැතිමතුන් ඒකරාශී වීමෙන් තොරව හිනිදුම කල්වාරි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත වාර්ෂික උත්සවය මේ වසරේදී බැතිමතුන් ඒකරාශි වීමෙන් තොරව පවත්වන ලෙස ගාල්ල පදවිය භාර රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. 14 March 2020
එංගලන්තයේ කෝවිඩ් - 19 මරණ දෙගුණ වෙයි කෝවිඩ් - 19 වයිරසය හේතුවෙන් එංගලන්තයේ මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙගුණ වී තිබේ. මේ වන විට කෝවිඩ් -19 වයිරසයෙන් මියගිය එංගලන්ත වාසීන්ගේ ගණන 21 ක් වී තිබේ. ඊයේ (13 වැනිදා) රාත්රියේදී පමණක් 10 දෙනකු මියගොස් ඇත. තවත් 320 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. 14 March 2020
සත්වෝද්‍යානය – ජාතික උද්‍යාන වසා දමයි කෝවිඩ් - 19 වයිරසයෙන් ආරක්ෂා වීමේ උපායයක් වශයෙන් දෙහිවල සත්වෝද්‍යාන, පින්නවල අලි අනාථාගාරය, රිදීගම සෆාරි උද්‍යානය මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති උද්භිද උද්‍යාන සියල්ලම සති දෙකක් පුරා වසා දැමීමට තීරණය කර තිබේ. 14 March 2020
කොළඹ මහනගර සභාව විෂබීජහරණය අරඹයි කොරෝනා රෝගයෙන් පෙළුණු රෝගීන් ජීවත් වූයේ යැයි සැකකෙරෙන නිවාස කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (14 වැනිදා) පස්වරුවේ විෂබීජ හරණයට ලක්කරන ලදී. 14 March 2020
කොරෝනා ආසාධිතයකු කුරුණෑගලින් හමුවෙයි කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට අද (14) යැවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය . 14 March 2020
දේවමෙහෙයයන් පැවැත්වීම අත්හිටුවන්න‘යි අගරදගුරුතුමෝ කියති දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයයන් පැවැත්වීම මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති. 14 March 2020
කොරෝනා ආසාධිත තවත් දෙදෙනෙක් හමුවේ මෙරට තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 14 March 2020
සති 02ක් සෞදි ගුවන් ගමන් අත්හිටුවයි හෙට සිට සති 02ක කාලයක් සඳහා සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට සෞදි අරාබිය පියවර ගෙන ඇතැයි සෞදි ගැසට් පුවත් සේවය අද (14) වාර්තා කළේය. 14 March 2020
චමල් - නාමල් මැතිවරණ ප්රචාරක කටයුතු අත්හිටුවති රට තුළ පවතින අයහපත් වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු අද (14) දින සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 March 2020
දළදා මාලිගාවේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 14 March 2020
නැගෙනහිර පළාතේ කොරෝනා ප්‍රතිකාර අංශය විවෘත කරයි නැගෙනහිර පළාත සඳහා කොරෝනා වයිරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ ප්‍රතිකාර අංශය අද (14) මඩකලපුව ශික්ෂණ රෝහලේදී ආරම්භ කරන ලදී. 14 March 2020
හිනිදුම දේවස්ථානයේ වාර්ෂික උත්සවය නතර කරන්නැයි ඉල්ලීමක් කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම නිසා මෙම මස 24 වැනි දින සිට අප්‍රේල් මස 12 දක්වා පැවැත්විමට නියමිත හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය නතර කිරිමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් දේවස්ථානය බාර දේවගැතිවරයාගෙන් ඉල්ලා තිබේ. 14 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026