IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිරෝධායනය වළක්වන්නට උත්සාහ කරන්නන්ට දැඩි නීතී

(ඉන්දිකා රාමනායක)
 
කිසියම් පුද්ගලයකුට   කොරෝනා වයිරසය අසාධනය වී  ඒ බව ආනාවරණය නොකර මහජනය  අතර ගැවසෙන්නේ නම්, එම රෝගය ව්‍යාප්ත කිරීම  උත්සහ ගන්නේනම්,  වෙනත් පුද්ගලයකු  ඔහුව වසන් කරන්නේනම්  එය නීතිමය වරදක් බවත්  ඒ සම්බන්ධයෙන්  සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති  බව  නීති කොට්ඨාසය  බාර    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
යම් කිසිය පුද්ගලයකුට  මෙම රෝගය වැළඳී එයට නිසි ප්‍රතිකාර නොගෙන වසන්  වෙමින් සිටින්නේ නම් සැඟව  සිටින්නේනම්,  වෙනත් පුද්ගලයකු ඔහු සැගවීමට උත්සහ ගන්නේනම්, එය  රෝග නිරෝධායන හා වැලැක්වීම  පිළිබඳ ආඥාපනතේ 4 වැනි වගන්තිය යටතේ මෙන්ම ඊට අදාල රෙගුලාසි යටතේ වරදක් සිදුකර ඇති බවත්   ඒ සම්බන්ධයෙන් මාස 6 සිරදඩුවමක්  ලබා  දීමේ හැකියාවක් ඇති බවද හෙතෙම කියා සිටියේය.

එසේම දණ්ඩ නීති සංග්‍රහයේ  261,263,264 වගන්ති යටතේ  වරදක් සිදුකර ඇති බවත් මෙම වගන්ති අනුව වසර 2  ක කාලයක්  බන්ධනාගාර ගත කරමින් දැඩුවම් කිරීමේ හැකියාව ඇති  බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 
කිසියම් පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයෙන්  පලා යන්නේනම්,  සෞඛ්‍ය බලධාරීන්  විසින්   කිසියම් පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබියදී පලා යන්නේනම්  , එවැනි අනකට  අකීකරු  වන්නේනෙම් එම පුද්ගයන්ට එරෙහිව රෝග නිරෝධායන හා වැලැක්වීම  පිළිබඳ ආඥාපන හා දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව  ක්‍රියා කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
මෙවැනි පුද්ගලයන්  වරෙන්තුව නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ඇති බවත් එවැනි පුද්ගලයන් වසන් වීමට ආධාර අනුබල  ලබා දෙන පුද්ගලයන්ට ද  පවා  අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
 
ලෝක ව්‍යසනයක් ඇති වී ඇති අවස්ථාවක වගකීමෙන් කටයුතු කළ යුතු බවත් , නීතිගරුක වියයුතු බවත්, මෙය වළක්වා ගැනීමට රජයට හා සෞඛ්‍ය බලධාරීන්ට සහය ලබා දිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
 
 එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය වශයෙන් උපරිම ආකාරයෙන් කටයුතු කරන බවද  අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 



අදහස් (1)

නිරෝධායනය වළක්වන්නට උත්සාහ කරන්නන්ට දැඩි නීතී

Rangana Sunday, 15 March 2020 12:11 PM

අර රවීට නීතිය ක්‍රියාත්මක කළා වගේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31220 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13388 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 78 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 910 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site