ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පලාතේ සංචාරයක නිරත විය. 17 April 2020
කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට කොළඹ නගරය ආශ්‍රිතව ජීවත් වන යාචකයින් විෂබීජ හරණය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ කියයි. 17 April 2020
කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරය පළ කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 17 April 2020
මැනිං වෙළෙඳපොල තවත් සතියක් වසා දැමීමට යයි මැනිං වෙළදපොළ මේ මස 22 දා විවෘත කිරීමට නියමිතව තිබුණත් තවත් සතියක් එම වෙළදෙපොල වසා තැබීමට නියමිතව ඇතැයි එහි වෛද්‍ය සංගමය කියයි. 17 April 2020
මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කොහුවල සරණංකර පාරේ ෆාමසියක ට විකිණීමට භාරදී තිබූ මුඛ ආවරණ 550 ක් ගිනි තබා විනාශ කර එම ෆාමසියට මුද්‍රා තැබූ බව කොහුවල පොලිසිය කියයි. 17 April 2020
කොරෝනා නිසා වැසූ ප්‍රාන්ත යළි විවෘත කිරීමට ට්‍රම්ප්ගෙන් සැලැස්මක් කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් අගුලු දැමීමේ සීමා පැනවූ ප්‍රාන්තවල ආර්ථික කටයුතු යළි ඇරඹීමට අදාළ උපදෙස් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට ලබාදී ඇත. 17 April 2020
ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.1 ඉක්මවා ගොස් ඇත. 17 April 2020
ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා යළි ඇරඹීමට පියවර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 17 April 2020
එතෙරදී පීඩාවට පත් වූ ලාංකිකයින්ට ආධාර දෙන්න විදේශ අමාත්‍යාංශය අමතර ප්‍රතිපාදන ඉල්ලයි කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ, එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක බෙදා හැරීමේ කටයුතු සදහා අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත. 17 April 2020
කොරෝනා හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන 21 කට රැකියා අහිමි වෙයි පසුගිය සති 4 තුළ ඇමරිකානු ජාතිකයින් මිලියන 21 කට අධික පිරිසකගේ රැකියා අහිමි වී ඇතැයි නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි. 16 April 2020
දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් කරයි දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය හේතුවෙන් දැනට අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයෙන් හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මෙසේ ලිහිල් කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. 16 April 2020
රෝගියාට සමීප නොවී උගුර-කන-නාසය පරීක්ෂා කරන්න උපකරණයක් හලාවතින් රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ. 16 April 2020
ආණ්ඩුවේ අභියෝගය වසංගතය මැඩපැවැත්වීමයි රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේත් පාසල්, විශ්ව විද්‍යාල වල සියලු සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද පියවර ගනු ලැබු බවත් ආණ්ඩුවේ අභියෝගය වන්නේ වසංගතය හැකි උපරිමයෙන් මැඩපැවැත්වීම බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 16 April 2020
කොරෝනා මර්දන වැඩපිළිවෙළ අගරදගුරුතුමෝ අගය කරති කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුතු යැයි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (16) ප්‍රකාශ කළහ. 16 April 2020
කතරගම නිරෝධායන කරමින් සිටි අයෙකු පැනයමින් සිටියදී අල්ලාගනී සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නිරෝධායනය කරමින් සිටි පුද්ගලයෙකු අද (16දා) ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග එම ස්ථානයෙන් පැන කොළඹ ප්‍රදේශයට යාම සඳහා කතරගම බස්නැවතුම්පොල සීමාවට පැමිණ සිටියදී කතරගම පොලිසියත් මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අල්ලා නැවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබිණ 16 April 2020
සවුදි රජයෙන් පුද්ගලික අංශයට සෞදි රියාල් බිලියන 50ක් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් කඩාවැටුණු පුද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා සෞදි රියාල් බිලියන 50ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් 13.3ක් වෙන්කර ඇති බව සවුදි රජය පවසයි. 16 April 2020
ගම්පහ විහාරාධිපති සංගමයෙන් ගම්පහ රෝහලට ද්‍රව්‍ය ප්‍රදානයක් ගම්පහ විහාරාධිපති සංගමය විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වෛද්‍ය උපකරණ ඇතුළු ද්‍රව්‍ය ප්රදානය කිරීමක් සිදු කළේය. 16 April 2020
කොරෝනා නිසා බැංකු අනුපාතිකය පහළ දමයි කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 16 April 2020
පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකෙරෙන විශේෂ වැඩසටහන අවලංගු කරයි ඉකුත් වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ පිරිස් සිහි කරමින් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (16) ප්‍රකාශ කළහ. 16 April 2020
ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් රතු කලාප ලෙස නම් කරයි ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් කොරෝනා වෛරසය ආසාදන වීමේ දැඩි අවදානමක් සහිත රතු කලාප ලෙස නම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. 16 April 2020
කටුපොත රෝහලේ බාහිර රෝගී අංශය වසා දමයි කටුපොත ප්‍රාදේශීය රෝහලේ හදිසියේ රෝගියකු මියයාම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශය අද (16) දහවල් තාවකාලිකව වසා දමා ඇත. 16 April 2020
වතු සේවකයින්ට 5,000 කඩිනමින් දෙන්නැයි ඉල්ලයි දැඩි පීඩාවට පත්ව සිටින රාජ්‍ය සහ පෞද්ගලික වැවිලි සමාගම් මගින් පාලනය වන වතුවල දෛනික වැටුප් ලබන සේවකයින්ගෙන් යැපෙන පවුල්වලටද සහනයක් වශයෙන් දැනට අනිකුත් ජන කොටස්වලට ලබාදෙන රු.5,000/- මූල්‍ය ආධාරය ඉතා ඉක්මනින් ලබාදෙන ලෙස ලංකා වැවිලි සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටී. 16 April 2020
ඉන්දියාව කොරෝනා නිසා අසරණ වූවන්ට උපකාර කිරීමේදි ඡායාරූප ගැනීම තහනම් කරයි කොරෝනා වයිරසය ව්‍යාප්තිය හමුවේ මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවන්ට වැට බැඳෙන තීන්දුවක් ගැනීමට ඉන්දියාවේ රාජාස්ථාන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන කල්රාජ් මිශ්රා තීරණය කර තිබේ. 16 April 2020
කොරෝනා පාලනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන රනිල්ගේ ප්‍රසාදය නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 16 April 2020
ග්‍රාම නිලධාරිවරු ග්‍රාම කම්ටුවලින් ඉවත්වෙති ගැටලු කීපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග්‍රාම කම්ටුවලින් හෙට (17) සිට ඉවත්වීමට තීරණය කර ඇතයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (16) පැවසීය. 16 April 2020
ඩිල්ෂාන් කරන්දෙනියේ පවුල් 1000 කට වියළි ආහාර මලු බෙදයි ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඇඳිරි නීතිය දැමීම හේතුවෙන් අවතැන්ව සිටින කරන්දෙණියේ අඩු ආදායම්ලාභී පවුල් 1000 කට අද (16 ) වියළි ආහාර පාර්සල් ලබාදුන්නේය. 16 April 2020
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. 16 April 2020
කිරි කළයට ගොම මුසුකරන්නෝ බක් පුර පසළොස්වක පොහොය දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබිය දී එදින සවස සිට රාත්‍රිය දක්වා මහියංගනය පොලිසියේ නිලධාරීන් පිරිසක් සොරබොර වැව් තාවුල්ලේ මත්පැන් සාදයක් පවත්වා ගී ගයා විනෝදවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 16 April 2020
රටේ තිබූ බේකරි 7000 න් 6000 ක් වැහිලාලු කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ ඇති වූ තත්වය හේතුවෙන් රටපුරා පිහිටි බේකරි 7000 කින් 6000 ක් පමණ වැසී ඇති බවත් ඉන් සේවකයින් ලක්ෂයකගේ පමණ රැකියා අහිමිවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 16 April 2020
ගෙවතු වගාවට අවශ්‍ය පොහොර බීජ හිඟයක් කෘෂි කාර්මාන්තයේ යෙදෙන්නන් සහ සෞභාග්‍යයා ගෙවතු වගා දශ ලක්ෂයේ වැඩසටහන සමගාමීව ගෙවතු වගා කරන්නන් ඊට අවශ්‍ය බීජ ,පොහොර ,කෘෂි රසායනික ද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාවක් නොවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇත. 16 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026