සහනාධාර මුදල් දෙන්න ගිය සමෘද්ධි නිලධාරියාට පහර දෙයි
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 5000.00 දීමනාව සහ එළවළු බීජ ඇට ලබාදී නැවත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි කොටපොළ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරියෙහි යෙදී සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට ප්රතිලාභි යකුගේ සොහොයුරකු පල්ලෙගම ,කුඩගලහේන මංසන්ධියේ දී මුගුරකින් පහරදීම හේතුවෙන් ඔහු අද (18) ප්රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දෙනියාය පොලිසිය කියයි.