තොන්ඩමන්ගේ අනුප්‍රාප්තිකයා මැතිවරණ නිරෝධායන නීති උල්ලංඝනය කරනවාලු ලංකා කම්කරු කොංග්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය. 29 May 2020
නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් අරඹයි ස්වීඩනය මඟහැර නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් බිමන් ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇතැයි නෝර්වේ මාධ්‍ය ආයතන තුනක් අද (29) වාර්තා කළේය. 29 May 2020
පැය 24 ක් ඇතුළත ඉන්දියාව කෝරෝනා අසාදිත සංඛ්‍යාව 7000 ඉක්මවයි ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (29) හත්දහස ඉක්මවූ අතර එම ගණන 7,466ක් ලෙස දැක්විණි. 29 May 2020
මාස දෙකකට පසු කොළඹ නගර සභාව රැස් වෙයි කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් නොපැවැත්වුණු කොළඹ මහ නගරසභාවේ මාසික සැසිවාරය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි. 29 May 2020
පළමු වරට සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු සලකා බැලේ කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් හෙට(30) යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 29 May 2020
ජපන් සෞඛ්‍ය සේවකයන්ට ගුවනින් හරසර ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය. 29 May 2020
නිරෝධායන නීතී උල්ලංඝනය කළ 17 දෙනකුට දඩ නිරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රෙගුලාසි නියමයන්ට අකීකරු වීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් 17 දෙනෙකුට එක අයෙකුට රුපියල් 3 000 බැගින් 51,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා 29 වෙනිදා නියම කළේය. 29 May 2020
අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොළ ක්‍රීඩාංගණයට අභාවප්‍රාප්ත, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රිඩාංගණය වෙත අද (29) උදැසන රැගෙන ආවේය. 29 May 2020
පොහොර ඉල්ලා ගොවීහු පාරට බසිති තම වගාවන් වලට අවශ්‍ය පොහොර ඉල්ලා කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ග වසා විරෝධතාවයක නිරත වෙද්දී දඹුල්ල ප්‍රදේශයේ ගොවීහු අලුයම් කාලයේ සිට පොහොර ලොරි එනතුරා වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් වල සිටිති. 29 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි අඛණ්ඩව නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය. 28 May 2020
කුවේට් සිට පැමිණ ආසාදිතවු 65ක් හම්බන්තොට රෝහලට කුවේට් රටේ සිට පැමිණ ත්‍රිකුණාමලය චින වරාය යුද හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වු බවට තහවුරුවූ රෝගින් 65ක් ප්‍රතිකාර සඳහා අද(28) හම්බන්තොට පැරණි රෝහල වෙත ගෙන එන ලද බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 28 May 2020
දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි නව කොරෝනා වයිරස පොකුරු කිහිපයක් හඳුනාගැනීමත් සමඟ නැවත වරක් වයිරසය ව්‍යාප්ත වීමට පාලනය කිරීම සඳහා සීමා පැනවීමට දකුණු කොරියාව අද (28) පියවර ගත්තේය. 28 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1486 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1486 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 28 May 2020
කුවේට් සිට පැමිණි පිරිසෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ වගකීම ආණ්ඩුව ගත යුතුයි කුවේට් හි ලබා දුන් පොදු සමාකාලයේ දී භාර වී අප්‍රේල් 21 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් එසේ පැමිණීමට සූදානමින් සිටිය දී එරටින් වාර්තාවූයේ කොරෝනා රෝගීන් 1995 ක් පමණක් බවත් රෝගීන් 16784 ක් වාර්තාවනතුරුත් මාසයකට ආසන්න කාලයක් ඔවුන් ගෙන්වා ගැනීම පමා කරන ලද ආණ්ඩුව මෙම පිරිස කොරෝනා ආසාදිතයින් බවට පත්වීමේ වගකීම භාරගත යුතු බවත් එතෙර අපි සංවිධානයේ කුවෙට් ශාඛාව පවසයි. 28 May 2020
රුමේනියාවේදී රැකියා අහිමිවූ ලාංකිකයින් 36 දෙනාට එරට රජයෙන් නව රැකියා සිය රැකියා අහිමිව රුමේනියාවේ බුඩාරෙස්ට් ගුවන් තොටුපළේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සේවකයන් 36 දෙනා සඳහා තව දුරටත් එහි රැදී සිටිමින් නව රැකියාවන් ලබා දීමට එරට කම්කරු අමාත්‍යවරිය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 28 May 2020
සීෂෙල්ස් හි සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට පියවර ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි රැකියාවන්හී නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටේ දැනට පවතින නිරෝධායන රෙගුලාසිවලට හා නිරෝධායන පහසුකම්වලට අනුකූලව ඔවුන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 28 May 2020
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 150 දෙනෙකු වාර්තා වී ඇත. 27 May 2020
ලතින් ඇමෙරිකාව නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකානු කලාපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. 27 May 2020
අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000ක් අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (27) හයදහස ඉක්මවූ අතර එම සංඛ්‍යාව 6,387ක් ලෙස දැක්විණි. 27 May 2020
ඕමානයත් සීමා ලිහිල් කරයි ඕමානයේ අගනගරය ද අයත් මස්කට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු තීරණය කර ඇත. 27 May 2020
’රැස්වීම් තියන්නේ නම් මීටරයට ඉන්න ඕනෑ’ කොරෝනා වයිරසයත් සමඟ ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය හමුවේ එළිමහනේ හෝ ගෘහස්ථ ස්ථානයක ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නේ නම් ඒවා මීටරය දුරකින් පවත්වාගත හැකි පුද්ගලයන් සංඛ්‍යාවකට සීමා කළ යුතු බව සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සදහන් වේ. 27 May 2020
ඩුබායි නුවරට පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර ඇත. 27 May 2020
ස්පාඤ්ඤය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කියන නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤය එම වයිරසයෙන් මියගිය අය සිහි කිරීම සඳහා අද (27) සිට දින 10ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 27 May 2020
කුවේට්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමඟ සාකච්ජා කරමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි. 27 May 2020
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (27) ප්‍රකාශ කළාය. 27 May 2020
සේවයට නොපැමිණිම සම්බන්ධයෙන් රජයේ වෘත්තිය සමිති චක්‍රලේඛයක් ඉල්ලයි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමයේ සිට ආයතන වසා දැමීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය අංශයේ සේවකයින් ගේ සේවයට නොපැමිණි දින වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග සඳහන් විධිමත් චක්‍රලේඛයක් මෙතෙක් නිකුත් වී නැතැයි රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය චෝදනා කරයි. 27 May 2020
දින 49කට පසු දකුණු කොරියාවෙන් නව කොරෝනා ආසාදිත පොකුරක් දින 49කට පසු දකුණු කොරියාවෙන් නැවත වරක් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් හටගෙන ඇත. 27 May 2020
‘‘කුවේට් රාජ්‍යයේ සිටින ලාංකිකයන් පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වෙලා‘‘ වීසා රහිතව නීති විරෝධීව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි. 27 May 2020
කටාර්හි සිටි ලාංකිකයෝ 268 ක් කටුනායකට පැමිණෙති කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 27 May 2020
මත්තලින් දකුණු කොරියාව බලා ගුවන් යානයක් පිටත් වෙයි කොරෝනා වයිරස තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු විදේශ රැකියා සඳහා පිටත්ව යාම නැවත ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය මගීන් 160 දෙනෙකු රැගෙන මත්තල ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර බලා අද (27) උදෑසන පිටත්ව ගිය බව මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමණාකරු උපුල් කළංසුරිය මහතා පැවසීය. 27 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026