‘විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම ගැන සලකා බලන්න සිදුවෙනවා‘‘ විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද (25) දිනයේදී කොරෝනා රෝගීන් 41 දෙනෙක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් බහුතරය කුවේට් සිට පැමිණි පිරිස අතරේ සිටි අය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීය. 25 May 2020
දහවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් අයෙක් අද (25) මරණයට පත් වීමෙන් ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 25 May 2020
ජපානය හදිසි නීතීය ඉවත් කිරීමට සැරැසෙයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා තීරණය කර ඇත. 25 May 2020
‘සහල් මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැහැ’ මේ අවස්ථාවේ රුපියල් 90 පාලන මිලට වඩා සහල් කිලෝව සත පහකින් වත් වැඩි කිරීමේ අව්‍යතාවයක් නැතැයි හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා අද(25) පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 25 May 2020
‘වී රාජ්‍ය දේපළක් ලෙස සළකා අතවශ්‍ය සේවාවක් බවට පත් කරන්න’ ‘‘වී’’ රාජ්‍ය දේපලක් සේ සළකා අත්‍යවශය සේවාවක් බවට පත් කරන ලෙසත් ආණ්ඩුව නියම කරන මිල ගණන්වලට හා නීතිවලට අනුගත නොවන මෝල් රජයට පවරා ගැනීමටත් කටයුතු කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කරයි. 25 May 2020
කොළඹ තරු පහේ හෝටල් ඇතුළු සංචාර මණ්ඩලයේ අනුමත හෝටල්-අවන්හල් හෙට විවෘතයි කොළඹ නගරයේ තරු පහේ හෝටල් ඇතුළු සංචාරක මණ්ඩලයේ අනුමත සියලූ හෝටල් සහ අවන්හල් හෙට (26) සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා ලංකාදීපයට අද (25) පැවසීය. 25 May 2020
රුසියාව කොරෝනා ආසාදිතයින් 350,000 සීමාව පසුකරයි රුසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 350,000 සීමාව පසුකරමින් ආසාදිතයන් සංඛ්‍යාවෙන් ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ. 25 May 2020
මේ සතියේ දුම්රිය කාලසටහන පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා හෙට (26) සිට 29 වැනිදා දක්වා දුම්රිය 27ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2020
රුසියාවේ රැදී සිටි ලාංකිකයින් 181 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ 25 May 2020
කියුබාව රහසක් හෙළි කරයි කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී. 25 May 2020
ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. 25 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1141 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 24 May 2020
’ඇමෙරිකාවේ දේශපාලකයෝ කොරෝනා ගැන බොරු තොරතුරු පතුරවනවා’ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් දේශපාලකයන් ’’කොවිඩ්-19’’ වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය පතුරමින් සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 24 May 2020
පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6,767ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ (23) වාර්තා වූ බවත් එම ගණන 6,767ක් බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 24 May 2020
නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් ඉල්ලයි නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් එරට මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. 24 May 2020
කොරෝනා වයිරසයේ මුල සොයාගැනීමේ ඕනෑම උත්සාහයකට චීනය විවෘතයි නව කොරෝනා වයිරසයේ මූලාශ්‍රය සොයාගැනීම සඳහා ගන්නා ඕනෑම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට චීනය විවෘත යැයි එරට විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවැසීය. 24 May 2020
‘ද නිව්යෝක් ටයිම්ස්’‘ මුල්පිටුව අවමංගල්‍ය දැන්වීමක් වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ළඟා වීමත් සමඟ සිය මැයි 24 වැනිදා පුවත්පතේ මුල් පිටුව අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කිරීමට එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් පත පියවර ගෙන ඇත. 24 May 2020
මගීන් 16,600 ක් දුම්රිය ආසන වෙන්කරගෙන රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සදහා අනිද්දා (26) සිට ලබන සිකුරාදා දක්වා දුම්රිය 27 ක් පිට පළාත් වල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි. 24 May 2020
වැටුපෙන් මුදල් අය කරගත්තැයි ලංකා ගුරු සංගමය නඩු කියන්න යයි තම වැටුපෙන් මුදල් අය නොකර ගන්නා ලෙසට ලිඛිතව ඉල්ලා සිටියදි විදුහල්පතිවරුන් ගෙන් සහ ගුරුවරුන්ගේ වැටුපෙන් මුදල් අයකර ගැනිමට විරුද්ධව ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරින්ට විරුද්ධව ඉදිරි සතියේ නඩු පවරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය. 24 May 2020
වැරදි වෛද්‍ය වාර්තාව රෝහලෙනුත් සොරකම් කරලා ශරීරයේ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් වැරැදි වෛද්‍ය වාර්තාවක් ලබාදී ඉන්පසුව එම වාර්තාව අයතා ක්‍රමයකින් කුරුණෑගල රෝහල් බාරයෙන් අස්ථානගත කළැයි කියමින් කුරුණෑගල අලකොලදෙනියේ වකුගඩු රෝගියකුගේ දියණියක විසින් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද(24)පැමිණිල්ලක් කරනු ලැබ තිබේ. 24 May 2020
ගුවන් තහනමට පෙර ආ ලාංකිකයන්ට දැන් සයිප්‍රසයට යා හැකියි ගුවන් ගමන් තහනමට පෙර නිවාඩු සදහා පැමිණ යළි සයිප්‍රසයට යාමට නොහැකිවූ සයිප්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැන් එහි යාමට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය කියයි. 24 May 2020
බංග්ලාදේශයේ රැදී සිටි ලාංකිකයින් 276 ක් යළි ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ රැදී සිටි ශ්රීා ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(24) දින අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 24 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1089 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1089 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 23 May 2020
කොළඹට - ගම්පහට ඇඳිරිනීතිය ලිහිල් වෙයි දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ. 23 May 2020
තවත් 40ක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40දෙනෙකු සුව වී අද(23) දිනයේදී රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 23 May 2020
පොහොර ගන්න කෘෂි අලෙවිසල්වල දිගු පෝලිම් එලවලු වගාවට වී වගාවට සහ කුඹුරු වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දඹුල්ල නගරයේ කෘෂි අලෙවි සේවා ස්ථානවල අද (23) අලුයම සිට දිගු පෝලිම් පවතින බව දැක ගැනීමට හැකි විය. 23 May 2020
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 22 May 2020
පියා නිදහස් කරන්නැයි පොලිසියට කඩා වැදී යකා නැටු අයියා මලෝ රිමාන්ඩ් මාරවිල පොලිස්ථානයට කඩා වැදි කලහාකාරි ලෙස හැසිරුනු යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු 27 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද ( 22 ) නියෝග කළේය. 22 May 2020
බැංකු පද්ධතිය ස්ථාවරයි ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අද (22) පැවැසීය. 22 May 2020
විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන් මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (22) පැවැසීය. 22 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026