IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


රුසියාව කොරෝනා ආසාදිතයින් 350,000 සීමාව පසුකරයි

රුසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 350,000 සීමාව පසුකරමින් ආසාදිතයන් සංඛ්‍යාවෙන් ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ නව ආසාදන 8,946ත් සමඟ මේ වනවිට රුසියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 353,427ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රුසියාවේ සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,633කි.  

රුසියාවේ කොරෝනා වයිරස ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසන්නේ පසුගිය පැය 24 තුළ පමණක් මරණ 92 ක් සිදුවී ඇති බවයි.

ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,686,436 කි. ආසාදිතයින් 365,213 ක් වාර්තා කරමින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව ඇත.

සිකුරාදා (22) ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක දැක්වෙන්නේ සෑම නිරෝගී රුසියානුවන් හත් දෙනකුගෙන් එක් අයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවයි.

මොස්කව් නගර සීමාවේ ලොක් ඩවුන් නියෝගයන් කඩ කරන පුද්ගලයින්ට දඬුවමක් ලෙස පැය 100 ක කාලයක් දක්වා රෝහල්වල සමාජ සේවා කටයුතු සඳහා යොදවන බව නගර ආරක්ෂක අංශය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

රුසියාව කොරෝනා ආසාදිතයින් 350,000 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 98 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site