ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ළඟා වීමත් සමඟ සිය මැයි 24 වැනිදා පුවත්පතේ මුල් පිටුව අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කිරීමට එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් පත පියවර ගෙන ඇත.
එක් තීරුවකින් මරණ 1,000ක් නිරූපණය වන පරිදි මියගිය සියලු දෙනා සිහිපත් කරමින් මෙම පිටුව සකස් කළේ යැයි එම පුවත් සඳහන් කර තිබිණි.
‘‘මෙතැන නම් සඳහන් පුද්ගලයන් 1,000කගෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් සියයට 1ක් නිරූපණය වෙනවා. මේව නිකම්ම නිකම් සංඛ්‍යා නෙමෙයි’’ කෙටි හඳුන්වාදීමක් කරමින් එම පුවත්පත වාර්තා කර තිබිණි.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සහ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ (24) පස්වරු 1.45 වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිත මරණ ගණන 97,059ක් වූ අතර එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 16 ඉක්මවා ගියේය. එරටින් ඊයේ පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 16,30,900ක් විය.
කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය අතර ග්‍රැමී සම්මාන ලැබූ රටේ සංගීත තරුවක් වූ ජෝ ඩිෆී සහ හාවර්ඩ් නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලැබූ පළමු කළු ජාතික කාන්තාව වන ලීලා ඒ. ෆෙන්වික් ද වූහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 100,000ට ආසන්න වන්නේ එරට බලධාරීන් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරමින් සිටින මොහොතක ය. දින කිහිපයක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා යනු ඇතැයි ද වාර්තා වේ.
‘‘විශිෂ්ටත්වයට පත්වීම’’ යනුවෙන් සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. නව කොරෝනා වයිසරයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු රට නැවත විවෘත කිරීම සඳහා ‘‘විශිෂ්ටත්වයට පත්වීම’’ උද්‍යෝග පාඨය භාවිත කරන බව හෙතෙම සඳහන් කර තිබිණි.
මරණ සංඛ්‍යාව ලක්ෂයට සමීප වීමත් ට්‍රම්ප්ගේ උද්‍යෝග පාඨයත් අමිහිරි සහ කටුක අත්දැකීමක් සහ මතකයක් සිහිපත් කරන බොහෝ ට්විටර් සමාජ ජාලය ඔස්සේ අදහස් දක්වමින් පවසා තිබිණි.

ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, මිනිස් ජීවිත නේද? මේ...
පාලකයින් සුලුවෙන් හිතුවත් අහිංසක මිනිස් ජීවිතනේ. හරිම කණගාටුදායකයි.
ඇමරිකන් ජනතාව අවාසනාවන්තයි... ට්‍රම්ප් වැන්නෙකු ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම ගැන. ඒක එයාලත් කියන දෙයක්... ඒ වාගේම ජනාධිපතිවරයෙක් ඉන්නවා... බ්‍රසීල ජනතාවට. ඒ ජනතාවත් ඉන්නේ අන්ත අසරණ වෙලා. ඒත් අපි වාසනාවන්තයි අර අයහපත් පාලනයෙන් මිදීම ගැන... එම පාලනය නිමාවුනේ ජනතාගේ පෙර පිනට... මගේ දේශයට දළදා හිමි සරණයි...!!! දෙවි පිහිටයි...!!!
ලංකාවේ කොටි කල්ලිය දහස් ගණන් මිනිස්සු මරණ කොට අපිට දැනුණ වේදනාව දැන් ඇමරිකාවට දැනෙනවා ඇති. අපි කවදාවත් මේ වගේ දෙයකදී සතුටු වෙන්නේ නැහැ.