IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් ඉල්ලයි

නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් එරට මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ඉන්දියාවේ සියලු කටයුතු මාස දෙකකට ආසන්න කාලයක් අකර්මන්‍ය විය.
 
මාස දෙකකට පසු අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කරමින් රට විවෘත කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සැලසුම් කර ඇත.
 
ඒ අනුව ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා හෙට (25) සිට ආරම්භ වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් වාර්තාගත අයුරින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීම නිසා ඒ සැලැසුම් සියල්ල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇත.
මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්ත තුන මෙසේ නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලා ඇත.
 
 ඉන්දියාවේ ප්‍රධානම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන සහ කාර්යබහුලම ගුවන්තොටුපොළවල් පිහිටා ඇත්තේ මෙම ප්‍රාන්තවලය.
 
 සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීමට හෝ ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් නැතැයි ද පසුගිය දින කිහිපයේදී කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇතැයි ද එම ප්‍රාන්ත බලධාරීන් මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී ඇත.
 
අල්ජසීරා/රොයිටර් 
 
055
 



අදහස් (1)

නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් ඉල්ලයි

මුණසිංහ Monday, 25 May 2020 01:56 AM

අගය කළ යුතු නායකයින් ඉන්න රටක්! විශේෂයෙන්ම ඇමරිකාවත් එක්ක බලන කොට...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 98 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site