චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කියන නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤය එම වයිරසයෙන් මියගිය අය සිහි කිරීම සඳහා අද (27) සිට දින 10ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ස්පාඤ්ඤයේ 27,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය.
වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් අද (27) පස්වරු 4.20 වනවිට කොරෝනා ආසාදිතයන් 2,83,339 දෙනකු හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 27,117කි.
ජාතික ශෝක කාලයේදී ජාතික ධජය අඩු කුඹු කරන අතර රජයට අයත් සෑම ගොඩනැගිල්ලක්ම එය අනුගමනය කළ යුතු ය. ස්පාඤ්ඤ නාවික හමුදාවට අයත් නෞකා හා යාත්‍රා ද ජාතික ධජය අඩු කුඹු කරනු ඇත.
ශෝක දිනය අවසානයේදී එනම් ජූනි 5 වැනිදා ස්පාඤ්ඤයේ පස්වැනි පිලියේ රජුගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය අය සිහි කරමින් නිල උත්සවයක් ද පැවැත්වේ.
‘‘අපේ රටේ දීර්ඝතම ශෝක කාලය මෙයයි. කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සියලු දෙනා සිහිපත් කරනවා. අපි ඔවුන්ට අපේ දුක, කනගාටුව සහ ගෞරවය පළ කරනවා’’ යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පැවැසීය.
කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සෑම 10 දෙනකුගෙන් අටදෙනකුම අවුරුදු 70ට වැඩි අය යැයි ද ඔවුන් අද රට තිබෙන තැනට ගෙනඒමට වෙහෙසුණු අය යැයි ද ස්පාඤ්ඤ රජයේ ප්‍රකාශිකා මාරියා ජීසස් මොන්ටේරෝ පැවැසුවාය.
ද ගාඩියන්/අල්ජසීරා
(055)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ස්පාඤ්ඤය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි
Kamal Koyrala Wednesday, 27 May 2020 12:29 PM
අපේ මේක ඡන්දෙන් පස්සේ කරමු