(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වූ සමයේ සිට ආයතන වසා දැමීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය අංශයේ සේවකයින් ගේ සේවයට නොපැමිණි දින වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග සඳහන් විධිමත් චක‍්‍රලේඛයක් මෙතෙක් නිකුත් වී නැතැයි රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය චෝදනා කරයි.
එමෙන්ම ඇඳිරි නීතිය ඉවත් කළද සේවය පවත්වාගෙන යාම සඳහා සේවකයින් සේවයට වාර්තා කිරීම කළ යුතු ආකාරය හා රාජ්‍ය සේවය පිළිබඳව ද මෙතෙක් කිසිදු විධිමත් චක‍්‍රලේඛයක් නිකුත් වී නැතැයි එම සම්මේලනය කියයි.
සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයින්ට හිමි වාර්ෂික නිවාඩුවලින් සේවයට නොපැමිණි දින අඩු කරන බවට ආරංචියක් පැතිර යන බවත් මෙතෙක් ඒ පිළිබඳ චක‍්‍රලේඛයක් නිකුත් නොවීම නිසා රාජ්‍ය සේවකයන් එකී ආරංචිය පිළිගන්නා බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියි.
දිස්ත‍්‍රික් අතර ගමනාගමනය ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන් අති විශාල පිරිසක් සිටින බවත් මේ පිරිස බරපතල අපහසුතාවන්ට මුහුණ දී සිටින බවත් ඔහු ගේ ලිපියේ සඳහන් වේ.
ලක්ෂ 14 ක් වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අත්‍යාවශ්‍ය නොවන සේවා සඳහා එම කාල සීමාව තුළ රාජ්‍ය සේවකයින් අපහසුතාවට පත්නොවන අයුරින් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ විධිමත් චක‍්‍රලේඛයක් කඩිනමින් නිකුත් කරන්නට පියවර ගන්නැයි ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අපාදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා සඳහන් කළේ එවැනි චක‍්‍රලේඛයක් නිකුත් කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැති බවය.
දින 66 ක් සේවයට පැමිණිය නොහැකි තත්ත්වය අවසන් වුවත් මේ වනවිටත් අත්‍යවශ්‍ය පිරිස පමණක් ගෙන්වා ගන්නා ලෙසත් ගෙන්විය යුතු පිරිස කවුදැයි ආයතන ප‍්‍රධානින් විසින් තීරණය කරන ලෙසත් ආයතන ප‍්‍රධානින්ට රජය දන්වා ඇතැයි ලේකම්වරයා කීය.
ඇඳිරි නීතිය පැවැති සමයේ සිට තවමත් නොනවත්වා පැය 16 ක් 20 ක් සේවය කරන රාජ්‍ය සේවකයන් වෙතැයි කී රත්නසිරි මහතා ඔවුන්ට මෙවැනි දේ ගැන සිතන්නට තවමත් ඉඩක් නොලැබුණු බවත් මෙවැනි දේ සොයන්නේ තවමත් වැඩ නොකර නිවෙස්වලට වී සිටින පිරිසක් බවත් පැවැසීය.
නිවසට වී වැඩ කරන්නට අවස්ථාව රජයේ සේවකයන්ට දී ඇතැයි ද කාර්යාලයට ගෙන්වන්නේ කවුද නිවසේ සිට වැඩ කළ හැකි පිරිස කවුද යන්න තීරණය කිරීමේ බලය ආයතන ප‍්‍රධානීන්ට ලබා දී ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට ලොක්කගේ ලෙඩේ මේ පැත්තටත් ඇවිල්ලා වගේ...
බලන්න තියෙන ජරා ගතිය. මාස 2කට වැඩිය ගෙදරට වෙලා ඉඳලා තාම හොයන්නේ නිවාඩු ගැන. රත්නසිරි මහතා නියම උත්තරයක් දී තියෙනවා. වැඩ නොකරන මිනිස්සු තමයි මේවා හොයන්නේ...
ග්‍රාම නිලධාරීන් හැර රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් වැඩි පිරිසක් කොවිඩ් පැමිණීමට පෙරත් රාජකාරි කරන්නේ නිවසේ සිටම බව බොහෝ දෙනෙක්ම දන්නවා. ඇත්ත වශයෙන්ම රජයේ තීරණ ක්‍රියාත්මක වන්නේ චක්‍රලේඛ වලින් නිසා මෙම ඉල්ලීමට අනුවත් චක්‍රලේඛයක් නිකුත් කළ යුතුය. පසුගිය දිනක කැබිනට් එක තීරණයක් ගත්තාලු... වෛද්‍යවරුන්ගේ සේවාකාලය අවුරුදු 61ක් කළයුතුයි කියා... නමුත් එයටත් චක්‍රලේඛයක් මේදක්වා නිකුත්කර නැහැ. නමුත් 80 දශකයේ හෝ 90 දශකයේ වෛද්‍ය සේවය මෙන්ම වෙනත් විශේෂ වූ සේවාවන්හි නිලධාරීන්ට සේවාකාලය අවුරුදු 65ක් කර තිබුණු බවක්ද මතකයේ තියෙනවා..