( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් හෙට(30) යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් නඩු විභාගයන් සදහා ශ්‍රේෂ්ඨාධිකරණය කැදවනු ලබන්නේ සතියේ කාර්යාල දින වලදී පමණක් වන අතර මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී එම අධිකරණ නඩු කැදවෙන ප්‍රථම අවස්ථාව මෙය වන බව නීති විශාරදයෝ පවසති.
හෙට දිනට අමතරව ලබන ජුනි 13 වැනි සෙනසුරාදාද නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙලෙස එම සෙනසුරාදා දින දෙකේදී කැදවෙනුයේ කොරෝනා වසංගත තත්තවය නිසා ඉකුත් මාර්තු 23 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නොහැකි වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් , ඇපැල පෙත්සම් හා රිට් පෙත්සම් කිහිපයකි.
මෙම නඩු කැදවීම් සම්බන්ධයෙන් අදාළ පෙත්සම්වල සියලු පාර්ශව වල නීතීඥවරුන්ට දැනුම දී ඇති බවද බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙත් නඩුත් ඉක්මණින් විසඳුවොත් හොඳයි. දින දීලා විතරක් වැඩක් නැහැ. කොරෝනා නිසා නඩුවලට ගියාට සමහර විට උසාවිය ඇතුළටවත් යන්න බැහැ. නීතිඥතුමා කියනවා කල්ගියයි කියලා... හැබැයි රු10,000ක් විතර ගාස්තුව උදේම ගෙවලා. නඩුව සති 2ට කල් ගියොත් ආයිත් 10,000 ගෙවන්න වෙනවා. මේවා දරන්න බැහැ සාමාන්‍ය මිනිහාට...
නඩුවල දිනයක් ගන්න විතරක් නීතිඥවරුන්ට සල්ලි ගෙවන්න බැහැ. සාමාන්‍ය නඩුත් ඉක්මණින් විසඳන, ක්‍රමයක් අවශ්‍යයි.