IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පළමු වරට සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු සලකා බැලේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ  කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් හෙට(30)  යළි කැදවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
 
සාමාන්‍යයෙන් නඩු විභාගයන් සදහා ශ්‍රේෂ්ඨාධිකරණය කැදවනු ලබන්නේ සතියේ කාර්යාල දින වලදී පමණක් වන අතර මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී  එම අධිකරණ නඩු කැදවෙන ප්‍රථම අවස්ථාව මෙය වන බව නීති විශාරදයෝ පවසති.
 
හෙට දිනට අමතරව ලබන ජුනි 13 වැනි සෙනසුරාදාද  නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
මෙලෙස එම සෙනසුරාදා දින දෙකේදී කැදවෙනුයේ කොරෝනා වසංගත තත්තවය නිසා ඉකුත් මාර්තු 23 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නොහැකි වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් , ඇපැල පෙත්සම් හා රිට් පෙත්සම් කිහිපයකි.
 
මෙම නඩු කැදවීම් සම්බන්ධයෙන්  අදාළ පෙත්සම්වල සියලු පාර්ශව වල නීතීඥවරුන්ට දැනුම දී ඇති බවද බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා කියා සිටී.
 



අදහස් (2)

පළමු වරට සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු සලකා බැලේ

lal Friday, 29 May 2020 11:59 AM

අනෙත් නඩුත් ඉක්මණින් විසඳුවොත් හොඳයි. දින දීලා විතරක් වැඩක් නැහැ. කොරෝනා නිසා නඩුවලට ගියාට සමහර විට උසාවිය ඇතුළටවත් යන්න බැහැ. නීතිඥතුමා කියනවා කල්ගියයි කියලා... හැබැයි රු10,000ක් විතර ගාස්තුව උදේම ගෙවලා. නඩුව සති 2ට කල් ගියොත් ආයිත් 10,000 ගෙවන්න වෙනවා. මේවා දරන්න බැහැ සාමාන්‍ය මිනිහාට...

:       0       3

dilan Friday, 29 May 2020 12:00 PM

නඩුවල දිනයක් ගන්න විතරක් නීතිඥවරුන්ට සල්ලි ගෙවන්න බැහැ. සාමාන්‍ය නඩුත් ඉක්මණින් විසඳන, ක්‍රමයක් අවශ්‍යයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14137 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11116 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site