IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රිමාන්ඩ් කළ පුද්ගලයා ඉතාලියෙන් ආ බව හෙළිවී කෑගල්ල බන්ධනාගාරය කැළඹෙයි

( පුෂ්පකුමාර ජයරත්න )

සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා  කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු  ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ.

එම තත්ත්ය අනාවරණය වීමෙන් පසුව කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බවද වාර්තා වේ .

පොල්ගහවෙල පදිංචිකරුවකු වන මෙම 37 හැවිරිදි තැනැත්තා ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 8 වැනිදාය. පසුව ඔහු නිරෝධායන කටයුතු සඳහා නොගොස් කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පිහිටි තම බිරිඳගේ නිවසේ රැඳී සිටියදී පසුගිය 16 වන දින අසල්වාසියකු සමග ආරවුලක් ඇති කරගෙන එම පුද්ගලයාට පිහියකින් පහරදී තුවාල කර ඇත .

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වැල්ලව පොලීසියට බාරවී තිබේ. එසේ බාරවූ සැකකරු ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී සැඟවී සිටින පුද්ගලයෙකු බව දැනගත් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර ඇත. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 1 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නමුත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වන අනතුරුදායක බව වටහාගත් කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් එම පුද්ගලයා දැඩි පරිශ්‍රමයක් යොදා කොරෝනා ආසාදිතයකු දැයි දැන ගැනීමට මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. නිසි පරීක්ෂණයකට ලක් නොවී එම රෝහලේ දින දෙකක් රඳවා සිටි සැකකරු ටිකට් කපා රෝහලෙන් පිට කිරීම හේතුවෙන් නැවත බන්ධනාගාරය වෙත රැගෙනවිත් වෙනම රැඳවීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ දින 14 ක් ගතවන්නේ අද (21) දිනට බවත් ඉන් පසුව නිරෝධායනයකට  ලක්නොවූ මොහුට කොවිඩ්-19 රෝග ලක්ෂණ පහළ වුවහොත් සම්පුර්ණ බන්ධනාගාරයම අනතුරට ලක්විය හැකි බවට බන්ධනාගාර නිලධාරීන් අනතුරු අඟවති .

කෑගල්ල බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 350 ක් පමණ වුවද මෙවනවිට එහි 900 කට ආසන්න රැඳවියන් පිරිසක් දැඩි අපහසුතා මධ්‍යයේ රඳවා සිටින බවද වාර්තා වේ .

සැකකරුගේ පහර දීමට ලක්වූ පුද්ගලයා මෙවනවිට සුවය ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.



අදහස් (5)

රිමාන්ඩ් කළ පුද්ගලයා ඉතාලියෙන් ආ බව හෙළිවී කෑගල්ල බන්ධනාගාරය කැළඹෙයි

de silva Saturday, 21 March 2020 05:54 AM

බලාගෙන ගියහම ලංකාවෙන් ඉතාලි ගිහින් එහෙ පදිංචිවෙලා ඉන්න පුද්ගලයන්ගෙන් සැහෙන ප්‍රමාණයක් ප්‍රචණ්ඩකාරී , නීති විරෝධී වැඩ කරන අධ්‍යාපනෙන් අඩු පිරිසක් බව පෙනේ , පිටරටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් හිටියත් පහුගිය කාලේ පුවත් මවන්නේ ඉතාලියේ සිට පැමිණි පිරිසය

:       0       20

Jauy Saturday, 21 March 2020 06:58 AM

මේ ඉතාලි කාරයෝ නම් පුදුම මිනිස්සු ටිකක්. නුගත් කම, මෝඩකම, කුහක කම, ආත්මාර්ථකාමී බව ඔක්කොම එකතු වුන අමුතුම සත්ව කොට්ටාශයක්. රටම අමාරුවේ දැම්මේ මේ අය. ඔක්කොම එකතුකරලා හුදකලා දිවයිනකට ගිහින් දැම්මනම් හරි,

:       0       8

lalithm Saturday, 21 March 2020 12:01 PM

තම ආත්මාර්ථය පමණක් සලකන මෙවැනි දුර්ජනයින් සමාජයෙන් ඉවත් කිරීම පාපයක් නොවෙයි. හුදකලා හිර කඳවුරු අවශ්‍යයි මේ වගේ අයවලුන්ට. සාමාන්‍ය රැඳවියන් සමග තබා ගැනීම නොකලයුත්තක්.

:       0       3

පිටිගල මිලානෝ Sunday, 22 March 2020 01:49 PM

මෙම කොටස මම පෙර සිටම විවේචනය කරනකොට මට එලවා එලවා පහර දුන්නා.

:       0       0

NIMMI Tuesday, 24 March 2020 02:17 PM

ජරා මිනිසුන් ඉතාලියට පැනගත් නිසා ලංකාවේ අපි හොඳින් ජීවත් උනා. එත් දැන් කොරෝනා රෝගයත් අරගෙන ඔවුන් ආපසු එනවා. ඔවුන්ට මරණ දඬුවම ලබාදෙන මෙන් අපි ඉල්ලා සිටිනවා. ඔය ජරා ඉතාලිකාරයෝ නැවත ලංකාවට ආවොත් අපට මේ සුන්දර රට නැති වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31117 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13244 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site