
(ඉන්දිකා රාමනායක)
එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි සදහා පිටත්වීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන්ගේ ප්‍රයෝජනය සදහා යුද හමුදාව නිෂ්පාදනය කළ විශේෂ රථ හයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතාට පිරිනමනු ලැබීය.
රුපියල් කෝටි 7 1/2 ට ආසන්න මුදලක් වැයකර නිපද වු මෙම රථ හය කටුබැද්ද යුද හමුදා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපොලේ දී නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.
මෙම වාහන අතර වටිනා පිරිස් ප්‍රවාහන කරන සන්නද්ධ රථ දෙකක් (APC) , පිරිස් පාලන කරන පොලිස් රථ හතරක් (PCCV) වන යුද හමුදාව පවසයි.
වසර 30 ට අධික කාලයක් පුරා පැවති යුද්ධ හේතුවෙන් යුද හමුදාව භට පිරිස් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය පළමු බෆල් රථය 1980 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති අතර, ශ්‍රි ලංකා යුද හමුදාවේ විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බළකාය විසින් 1984 වසරේ දී යුනිකෝන් මාක් 1 නම් රථය නිපදවා ඇත.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd