IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සූර්යා හඳුන්කූරු ’ගුත්තිල’ සිනමා පටය සමග අත්වැල් බැඳගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා ආදරය දිනූ 'සන් මැච් සමාගම' නිෂ්පාදනය කරන සූර්යා සුවඳකූරු, මෙරට නිර්මාණය වූ සුවිශේෂී සිනමා සිත්තමක් වන ගුත්තිල සිනමා පටය සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබේ.

ඓතිහාසික මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටා ඇති සන් මැච් සමාගමට දශක හතරකට අධික සාඩම්බර ඉතිහාසයක් ඇති අතර එම සමාගම මේ වනවිට සුවඳ වර්ග 14 කින් යුත් සුවඳකූරු වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙම සුවඳකූරුවල සුගන්ධයට සිත් පහන් කිරීමේ හැකියාව ඇති අතර, මේ අපූර්ව සිනමා නිර්මාණයද එලෙසම ප්‍රේක්ෂකයන්ගේ සිත් පහන් කිරීමේ හැකියාව සහිත නිර්මාණයක් බව සන් මැච් සමාගම විශ්වාස කරයි.

සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක් වන ගුත්තිල කාව්‍යය පදනම් කරගත් ගුත්තිල සිනමා සිත්තම, නිර්මාණශීලීත්වය හා විශිෂ්ටත්වය කැටිකරගත් අගනා නිර්මාණයකි. “ගුත්තිල සිනමා නිර්මාණයේ විශිෂ්ටත්වයෙන් වශීකෘත වීමට බලා සිටින රසික ප්‍රජාව සමග අත්වැල් බැඳගැනීම එම සමාගම ආඩම්බරයක් ලෙස සලකයි.

සූර්යා සන්නාමය මෙරට සංස්කෘතිය හා ගැඹුරින් බද්ධ වෙමින්, රටේ ජනතාවගේ ජීවිත අර්ථවත් කරනු දැකීමට අවශ්‍ය මෙන්ම විශේෂයෙන්ම වර්තමාන යුගයක පවුල හා සම්ප්‍රදාය වැනි දේවල් කෙතරම් වැදගත්ද යන්න එම සමාගම හඳුනාගෙන ඇති බවද සඳහන් කරයි.

ගුත්තිල යනු අපේ රටේ දක්ෂ කලාකරුවන් සහ ඔවුන්ගේ කලා හැකියාවන් ලොවට පෙන්වන නිර්මාණයක් මෙන්ම අපගේ උරුමයේ හරය ගැඹුරින් ග්‍රහණය කර ඇති නිර්මාණයක් ලෙස ද” සන් මැච් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන අලෙවි නිලධාරී ගෞරි රාජන් මහත්මිය පැවසුවය. සූර්යා සන්නාම තානාපතිනිය වන සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම ගුත්තිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට මොන පොවන්නිය.

“මේ විශිෂ්ට චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙස මා සලකනවා. ඒ වගේම කාගේත් විශ්වාසය දිනූ සූර්යා වැනි සන්නාමයක්, සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ අවධානය දිනාගෙන තිබෙන මෙවැනි නිර්මාණයක් සමග අත්වැල් බැඳගැනීම මට මහත් සතුටක්.” යශෝධා විමලධර්ම මහත්මිය පැවසුවාය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් සංස්කරණය කරන ලද ගුත්තිල කාව්‍යය පදනම් කරගෙන නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණය සිනමාහල් වෙත පැමිණෙනුයේ වසර 12 ක ප්‍රමාදයකින් අනතුරුවය. හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වා විසින් නිෂ්පාදනය කරන ලද එම චිත්‍රපටයෙහි කථාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය සනත් අබේසේකරගෙනි. යශෝධා විමලධර්ම හැරුණු විට විශාරද එඩ්වඩ් ජයකොඩි, අකිල ධනුද්ධර, චුලක්‍ෂි රණතුංග, අයිරාංගනී සේරසිංහ සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු ප්‍රවීණ කලා ශිල්පීහු පිරිසක් ඊට රංගනයෙන් දායක වෙති. මෙම චිත්‍රපටය ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල් ඇතුළුව රට පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කරයි.

“සන් මැච් යනු කවදත් සම්ප්‍රදාය හා සංස්කෘතිය වැනි වටිනාකම්වලට මුල්තැනක් දෙන සමාගමක්. මෙම චිත්‍රපටයත් සම්ප්‍රදාය හා සංස්කෘතිය සමග ගැඹුරින් සම්බන්ධ වූ නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපත් සමග මෙලෙස අත්වැල් බැඳගැනීම පිළිබඳව අප සන් මැච් සමාගමට ස්තූතිවන්ත වෙනවා.” ගුත්තිල චිත්‍රපටයේ අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතා පැවසීය.



අදහස් (1)

සූර්යා හඳුන්කූරු ’ගුත්තිල’ සිනමා පටය සමග අත්වැල් බැඳගනී

Shashika Tuesday, 27 June 2023 04:39 PM

හරිම ප්‍රශංශනීයයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29552 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11762 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 729 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 216 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 866 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site