IMG-LOGO

සෞඛ්‍යයෙන් තෙවන ඇසට සායනයක්

(රංජන් කස්තුරි)

රටේ ජනතාවගේ දැනුම ආකල්ප ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල සමාජ මෙහෙවරක යෙදෙන ජනමාධ්‍යවේදීන්ට කරන ගරු කිරීමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තෙවන ඇසට සුවය සදමු සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කළ බව සෞඛ්‍යමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

මාධ්‍යවේදීන් හැම විටම නිරෝගීමත් හා හොද මානසිකත්වයකින් පසුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස කරන හෙයින් මාධ්‍යවේදීන් සදහා මෙම සෞඛ්‍ය සායන මාලාව ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය මහීපාල මහතා කීවේය.

කොළඹ විජය පුවත්පත් සමාගමේ ජනමාධ්‍යවේදීන් සහ සේවක මණ්ඩලය වෙනුවෙන් අද පැවති සෞඛ්‍ය සායන වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෛද්‍ය පාලිත මහිපාල මහතා එසේ සඳහන් කළේය.

රටේ පොදු මහජනතාවට නිවැරදි හා යහපත් සෞඛ්‍ය තොරතුරු ලබාදීම සඳහා මාධ්‍යවේදීන් විශාල කාර්ය භාරයක් ඉටු කරන බවද එහිදී සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විජය පුවත්පත් සමාගමේ සුභ සාධක සංගමය සමඟ එක්ව එම සෞඛ්‍ය සහායන වැඩසටහන පැවැත්වූ අතර ‍ එහිදී බොහෝ පිරිසක් ප්‍රතිකාර හා සෞඛ්‍ය උපදෙස් ලබා ගත්හ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂිත අංශ ශ්‍රී ලංකා ජාතික රෝහල ජාතික දන්ත ආයතනය ජංගම රසායනාගාර ඇතුළු සේවාවන් රැසක වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යා ශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ එම කාර්යාංශයේ වෛද්‍ය සමිත ප්‍රසන්න සහ විජය පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන විජය පුවත්පත් ආයතනයේ සුභ සාධක සංගමයේ සභාපති අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්ම මහත්මිහුද එහිදී අදහස් දැක්වූහ.

දන්ත වකුගඩු අක්ෂි ඇතුළු සායන රැසක් එහිදී පැවැති අතර රෝගීන්ට එහිදී නොමිලේ ඖෂධ නිකුත් කිරීමද සිදුකෙරිණ.

 

 

 

 



අදහස් (0)

සෞඛ්‍යයෙන් තෙවන ඇසට සායනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 338 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 261 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site