IMG-LOGO

බදුල්ලේ අසිරිය විදින්න කැලිප්සෝ දුම්රියක්

(ප්‍රසාද් රුක්මල්)

විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය අද (5) බදුල්ල දුම්රිය ස්ස්ථානයේදී ප්‍රවාහන  හා  මහමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කැරිණ.

විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විදේශීය සංචාරකයන් වෙනුවෙන් සාදා නිමකර ඇති මැදිරි හතරකින්  සමන්විත මෙම දුම්රියේ සංචාරකයන් වෙනුවෙන් විශේෂ භෝජනාගාරයක්, විවෘත ප්‍රද්‍රර්ශන නැරඹුම් මැදිරියකින් සමන් විතය.

මෙම දුම්රිය ආරම්භ කල අවස්ථාවට  ප්‍රවාහන හා මහමාර්ග ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් , දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගි වූහ .



අදහස් (9)

බදුල්ලේ අසිරිය විදින්න කැලිප්සෝ දුම්රියක්

දමින්ද Friday, 05 April 2024 08:03 PM

මේ කැලිප්සෝ නෙමේ මෝලමක් ගහන්නේ... මෝලමක් ගගහ කෝච්චියේ යන්න තරම් සුද්දන්ට පිස්සු කියලා මම නම් හිතන්නේ නෑ...

:       0       5

Donsan Friday, 05 April 2024 09:09 PM

කෝචිචියේ වඩේ විකුණපු මෑන්ට නම් මේකේ යන්න හොඳට පුරුදු ඇති...

:       0       4

Akila Friday, 05 April 2024 09:11 PM

උත්සවයට සහභාගි වෙලා තියන කට්ටිය දැක්කාම මේ විවෘත මැදිරිය හදන්න කොටි 30ක් ගියේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්...!

:       0       6

AnjanaSaturday, 01 June 2024 11:19 PM

සිරාවටද බන් කෝටි තිහේ කතාව?

:       0       0

පාඨකයෙක් Friday, 05 April 2024 09:34 PM

කැලිප්සෝ සංගීතය බටහිර කොදෙව් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝවල වැසියන්ට ආවේණික සංගීත ප්‍රභේදයක් බව විදේශිකයෝ දනිති. වෙනත් රටක සංගීත රිද්මයක් සංචාරකයින්ට පිළිගැන්වීමෙන් ඇති ඵලය කුමක්ද? මෙහීදී සිහියට නැගෙන්නේ සුප්‍රසිද්ධ සංගීතඥයකු සහ නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ නැසීගිය ඩබ්.බී.මකුලොලුව මහතා විස්තර කළ සිද්ධියකි. මෙරට නිදහස ලැබීමෙන් පසු, ඔහු ලාංකීය නැටුම් සහ සංගීත ශිල්පීන් කණ්ඩායමක් සමග ලන්ඩන් නුවර ප්‍රසංගයක් පවත්වා ඇත. වාදකයන් සහ ගායකයින් ඉන්දියාවේ සුප්‍රසිද්ධ කලා ආයතනවල වාදනය සහ ගායනය හැදෑරූ අය වූ අතර, ඔවුන් ප්‍රසංගයේදී ඉදිරිපත් කරමින් සිටි අංග ඉන්දියානු ශෛලියට අනුරූප ඒවායි. එවිට ප්‍රේක්ෂකයෝ, "අපට ඔබගෙන් ඕනේ ඉන්දියානු සංගීතය නොවේ. ඔබේ රටේ දෙයක් ඉදිරිපත් කරන්න," යනුවෙන් ඉල්ලා ඇත. මොහොතක් කල්පනා කළ මකුලොලුව මහතා 'ටිකිරි, ටිකිරි. ටිකිරි ලියා' කවිය ලයාන්විතව ගැයීමක් සමග, එය ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ප්‍රීතියටත්, ජනප්‍රියතාවයටත් පාත්‍ර වී ඇත. විදේශිකයින් ඉල්ලා සිටීමට පෙර, කරුණාකර අපේ රටේ දෙයක් ඉදිරිපත් කරමු...!

:       0       2

Prabha Friday, 05 April 2024 09:43 PM

වැඩේ හොඳයි... නමුත් පීලි පැන්නොත් උඩ ඉන්න අයට මොකද වෙන්නේ...! 

:       0       0

city Saturday, 06 April 2024 06:38 AM

හොඳ දෙයක්...!

:       3       1

de silva Saturday, 06 April 2024 08:42 AM

චාමර ඇමැතිතුමා ඔය සමගම දුම්රියේ සංචාරකයින්ට වඩේ ටිකක් විකුණා ගන්න ගමේ කොල්ලෙකුට අවස්ථාවක් දෙන්න අවස්ථාව දෙන්න බැරිද?

:       0       8

පාඨකයෙක් Saturday, 06 April 2024 04:14 PM

කැලිප්සෝ සංගීතය බටහිර කොදෙව් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝවල වැසියන්ට ආවේණික සංගීත ප්‍රභේදයක් බව විදේශිකයෝ දනිති. වෙනත් රටක සංගීත රිද්මයක් සංචාරකයින්ට පිළිගැන්වීමෙන් ඇති ඵලය කුමක්ද? කරුණාකර අපේ රටේ දෙයක් ඉදිරිපත් කරමු..!

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 319 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site