(රංජිත් රාජපක්ෂ)
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේදි සංචාරක දිනය සැමරීමේ උත්සවයක් එම දුම්රිය පරිශ්‍රයේදි අද (27) දින සිදු කෙරිණ.
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරක රියදුරන්ගේ සංගමය සහ සංචාරක ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය එක්ව නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව නානුඔය දුම්රිය ස්ථානයට ගමන් ගන්නා විදේශීය සංචාරකයන් සහ නානුඔය දුම්රිය ස්ථානයට මගී ප්‍රවාහන දුම්රියන්වලින් පැමිණි විදේශීය සංචාරකයන්ට උනුසුම් අයුරින් මල් මාලා පළදවා පිළිගනු ලැබූහ.
නානුඔය දුම්රිය ස්ථානයේදී දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන් සංස්කෘතිකාංග ගණනාවක්ද පාසල් ළමුන් විසින් විදේශිකයන් හමුවේ ඉදිරිපත් කල අතර, ලෝක සංචාරක දිනයේදි මෙරටට පැමිණි තමන්ව පිලිගැනීම සම්බන්ධයෙන් විදේශික සංචාරකයන් සිය සතුට පල කරනු ලැබූහ.
ලෝක සංචාරක දිනයෙදි දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි සංචාරකයන් නානුඔය දුම්රිය ස්ථානයේදි නර්ථනයේ යෙදෙන අයුරුද අප කැමරාවේ සටහන් විය.
මෙම අවස්ථාවට නානුඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, සංචාරක හෝටල් හිමියන්, සංචාරක කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයන් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නානුඔය දුම්රිය ස්ථානයේ ලෝක සංචාරක දිනය සැමරේ