IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක්

(අංජුල මහික වීරරත්න)

සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අප්‍රේල් 18 පෙරවරු 10.16ට යෙදී ඇති ජාතික  පැළ රෝපණය කිරීමේ නැකතට ඵලදායී පැලයක් රෝපණය  කරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කීය.

නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත යන තේමාවෙන් ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහන යටතේ විජය පුවත්පත් සමාගමේ කාර්යමණ්ඩලයට පළතුරු පැළ බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රුක් රෝපණ නැකත අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට එක් කළේ තමා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී බව කී අමරවීර මහතා ඉන්පසු අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන පැමිණි බව කීය.

මෙම  වැඩ සටහන යටතේ  පැළ ලක්ෂ ගණනක් රෝපණය කළ බවත් දැන් ඒවා උස් මහත් වී ඵල දරන තත්ත්වයට පත් වී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ   අධ්‍යක්ෂිකා ජී.ජී.වී ශ්‍යාමලී මහත්මිය පැළ සිටුවීමේ හා නඩත්තු කිරීමේ තාක්ෂණික  කරුණු පිළිබඳව පැහැදිලි කළාය.

හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (1)

නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක්

මධුසංඛ Friday, 05 April 2024 05:58 AM

තෝරාගත් දේශපාලන හිතවතුන් පිරිසක් සදහා ඔය පැල දෙනවා ඇති නිසා අපිට නොලැබේවි පසුගිය කාලයේ ඔහොම බෙදාහැරීම කර සිටවූ පොල්පැල හරියාකාරව හිටෙව්වනම් මේ වනවිට ලංකාව පොල් වලින් ඉතාමත් සශ්‍රීක වෙන්න තිබුනා අපිට නම් ලැබුනත් නැතත් මොනවා හෝ පැලයක් අවුරුදු ආහාර අනුභවය වෙලාවට වැඩ ඇල්ලීම වෙනුවෙන් කරනවා.එතකොට බලන්න පුළුවන් මධ්‍යම රාත්‍රියේ සිටුවන පැලයක් වැඩෙන්නේ කොහොමද කියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site