(ළහිරු හර්ෂණ සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ අපවත්වීවදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානීස්සර නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රදාන පුහුණුඅකරු සනත් ජයසූරිය, පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, පිතිකරු පුහුණුකරු තිළිණ කණ්ඩම්බි, ජෙහාන් මුබාරක් සහ නායක චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලයේ රැසක් නාහිමියන්ට ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.  

දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, කුසල් ජනිත්, ඒෂාන් මාලිංග, නිෂාන් මධුෂ්ක, ජනිත් ලියනගේ සහ මහීෂ් තීක්‍ෂණ ඇතුළු ක්‍රීඩකයන් රැසක් සහභාගි වී සිටියහ.