(වසන්ත චන්ද්‍රපාල)

එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදින් විසින් 1990 ජුනි 11 වෙනි දින අම්පාර තිරුක්කෝවිල් රෑපස් කුලම් කැලෑවේදි නිරායුධ පොලිස් නිළධාරින්  600ක් ඝාතනය කර වසර 34 ක් පිරිම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට රණවිරු ස්මාරකය අසලදි උපහාර උළෙළක් පවත්නු ලැබිය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නන්දන ජයපත්ම මහතා පැමිනිමෙන් අනතුරුව රණවිරු ස්මාරකය වෙත පොලිස් උත්තමාචාර පවත්වනු ලැබිය.

ඉන් අනතුරුව පොලිස් රණවිරු ස්මාරකයට මල් තබා මිය ගිය රණවිරුවන් සිහි  කර පසුව අම්පාර සහකාර පොලිස් අධිකාරි හේමන්ත සෙනෙවිරත්න මහතා රණවිරු ස්මාරකයට මල් තබා රණවිරුවන් වෙනුවෙන් තම උත්තාමාචාර පිරිනමනු ලැබිය.

පසුව මියගිය පොලිස් නිළධාරින් ගේ දෙමවිපියින් බිරින්දැවරුන් දරුවන් ද හැඩු කදුලින් යුක්තව පැමිණ පොලිස් රණවිරු ස්මාරකට මල්තබා තම මියගිය ආදරණියන් සිහි කරනු ලැබිය.

උතුරු නැගෙනහිර පළාත් සමථ බලසම්පන්න ප්‍රධාන සංඝනායක කිරිදිසැල සෝමරතන හිමියන් විසින් ආගමික වතාවන්  පවත්වනු ලැබිය.

මහා වනය තුළ කුලම් පොලිස් නිළධාරින් ඝාතනය කල ස්ථානය