IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ගමගේ ගේ ’’ක්‍රිෂාන්තිගේ අඩි පාරේ’’ දොරට වඩී

 

(ගයාන් සූරියආරච්චි)

මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතාගේ දෙවන ග්‍රන්ථය වන "ක්‍රිෂාන්තිගේ අඩි පාරේ" කෘතිය එළිදැක්වීමේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුගෝස් ලෝවියාවේ පැමිණිලි මෙහෙයවන නිලධාරිනී සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අධි නීතිඥ ප්‍රශාන්ති මහින්දරත්න මහත්මිය මෙසේ කීවාය.

යුද අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ යුක්තිය පසිඳලීම සිදු නොකළහොත් එය ජාත්‍යන්තර මට්ටමේ වෙනත් කණ්ඩායමක් විසින් ඉදිරියේදී ඉටු කළ හැකියි.  

කුමන ජාතියක හෝ කුමන ආගමකට අයත් යම් පුද්ගලයකු කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර යුක්තිය පසිඳලීම ආණ්ඩුවක ව්‍යවස්ථාපිත වගකීමක්.

එම උත්සවය ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ සහ උපදේශක කර්තෘ සිරි රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

දශක දෙකකට අධික කාලයක් පුවත්පත් වාර්තාකරණයේ යෙදුණු රත්නපාල ගමගේ මහතා යුද පුවත්පත් වාර්තාකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර යුද සමයේ  දූෂණයට ලක්ව ඝාතනයට ලක්වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් පිරිසකට එකල චෝදනා එල්ලවී තිබුණි. මෙම ග්‍රන්ථය තුළින් එම දැරිය සම්බන්ධ කතා පුවත සහ යුද්ධය පිළිබදව තොරතුරු අනාවරණය කර ඇත.

එම අවස්ථාවට පුවත්පත් කර්තෘවරුන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක් වූහ.

(ඡායා ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

ගමගේ ගේ ’’ක්‍රිෂාන්තිගේ අඩි පාරේ’’ දොරට වඩී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1037 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site