IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’

(යොහාන් භාසුර)

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා අද (5) පස්වරුවේ පැවසීය.

ආණ්ඩුව වී මිල සකස් කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ තොග රැස්කිරීමේ, තොග රඳවාගැනීමේ සහ බැංකු පොලිය ආදි වියදම් ගණනය කර නොමැති බවත් ඒ හේතුවෙන් මෙම මිලත් සමඟ සහල් නිෂ්පාදකයන් දැඩි ගැටලුවකට මුහුණ දෙන බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව නියම කළ මෙම මිලත් සමඟ ඉදිරියේ සහල් ප්‍රශ්නය තව දුරටත් උග්‍රවියහැකි බව කී මුදිත පෙරේරා මහතා ඒ හේතුවෙන් මෙම මිල පිළිබඳව ආණ්ඩුව තව දුරටත් සළකා බැළිය යුතු බව සඳහන් කළේය.

කීරි සම්මා වී කිලෝවක මිල රුපියල් 132 ක් ලෙස මිල නියම කිරීම ගැටලුසහගත බව කී ඒ මහතා පැවසුවේ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදීගෙන සහල් කිලෝවක් පාලන මිලට අළෙවි කළ නොහැකි බවය.  



අදහස් (15)

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’

WCA Wednesday, 05 February 2025 05:32 PM

ඔය ආණ්ඩුව ගන්න ගානනේ ඔය පාලන මිලට විකුණන්න පුළුවන් ගානට ගනිල්ලා. හැමදාම ඔය බයිලාව නේද ගහලා වැඩි මිලට වික්කේ... හාල් ටික...!

:       7       77

ලසා Wednesday, 05 February 2025 05:33 PM

මැරීගෙන වවන ගොවියෝ ගන්නේ රු132යි. මොවුන් පොහොර ගහලා බෙහෙත් ගහලා හැම කට්ටක්ම කාලා වවපු අයටත් වඩා ලාබ ගන්න හදන්නේ. මැද එකා හැමදාම ගොඩ. ඉතිං පාරිභෝගිකයන් ගිනි ගණන් දීලා ගන්නේ. වී තේ පොල් එළවළු ඇතුළු සියලුම බෝග වලට ලංකාවේ අද අත්වී ඇති ඉරණමයි...

:       2       54

ජනරළ Wednesday, 05 February 2025 05:42 PM

ඔය නමේ මුලට එක්සත් කියන කෑල්ල එන්නේ UNP එකේ කට්ටිය. සමගි කිව්වොත් සජබේ. ඒ නිසා ඒ අය කියන ඒවා ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඒ ගොල්ලන්ට මොනවා කරත් ඇදයි කුදයි තමයි හැම තිස්සේම පේන්නේ. ඒ අයව නොසලකා හරින්න.

:       9       60

Mahajanathawa Wednesday, 05 February 2025 06:12 PM

බිස්නස් එක කරන එක වටින්නේ නැත්තම් නවත්තන්න හොඳේ... හැකි එකා කරයි.

:       5       65

අරුණ Wednesday, 05 February 2025 06:15 PM

ආණ්ඩුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අද මුහුණ දී තිබෙන සැබෑ ප්‍රශ්නය ගංවතුර හෝ වී මිලට ගැනීම, සහල් මිල පාලනය කිරීම නම් නොවේ. ආණ්ඩුව මුහුණ දී තිබෙන සැබෑ ප්‍රශ්නය ගෙවුණ ආණ්ඩු කාලවල නාමල් කරුණාරත්න ගොවියන් වෙනුවෙන් කළ ප්‍රකාශ ගොවියාට මතක තිබීමයි.

:       46       39

fairoos Wednesday, 05 February 2025 07:09 PM

රජයෙන් නිලධාරීන් සහ ආණ්ඩුවේ ඉන්න අය ඕවා හොයලා බලලා තමයි මිල තීරණය කරලා තියෙන්නේ.. නිකන් බයිලා ගන්නේ නැතිව ඉන්න.

:       7       44

amda Wednesday, 05 February 2025 09:20 PM

බස් හිමියා සහ මෝල් හිමියා ජනතාවගෙන් අරන් ජනතාවටම කොකා පෙන්වූ කාලය ඉවර කරමු.

:       3       44

skra Thursday, 06 February 2025 01:14 AM

එක්කෝ ගොවින් වී වගාකිරීම වසරකට නවත්වන්න ඕන නැතිනම් සහල් නිෂ්පාදකයින් තමන්ගේ කර්මාන්තය වසරකට නවත්වන්න ඕන එහෙමත් නැතිනම් මේ දෙකම වෙන්න ඕන . අන්න එතකොට මේ ගැටලුව සමාජයට හරියටම තේරේවි . වී ගොවියෙකුගේ වසරක ආයෝජනයට වැඩ විශාල මුදලක් සහල් නිෂ්පාදකයෙක් ආයෝජනය කරනවා . ඉතින් ආයෝජනයේ තරමට ප්‍රතිලාභ ලැබෙන්න ඕන . විසඳුම නම් සහල් මිල රෝ 350 වගේ අගයක පවත්වා ගැනීමයි.

:       10       3

Janaka Paranamama Thursday, 06 February 2025 03:16 AM

උඹගේ බැංකු ණයට අපි පොලීත් ගෙවන්න .

:       2       7

නිර්දෝශා අහින්සකා Thursday, 06 February 2025 08:40 AM

පාඩු නම් හාල් බිස්නස් එක නවත්තලා කජු බිස්නස් එකක් පටන් ගන්න . රටේ මිනිස්සුන්ට පව් නොදී

:       0       12

Ruwan R Thursday, 06 February 2025 09:06 AM

වී මිල රුපියල් 100 ටත් අඩුවෙන් අරන් හාල් 250 - 350 වගේ ගාණකට විකුණලා දැන් රස වැටිලා, ලාබෙ අඩු කරන්න බෑද?. තොපි මින්ස්සුන්ව හූරගෙන කාපුවා දැන් වමාරපල්ලා.

:       0       13

kumara Thursday, 06 February 2025 12:01 PM

සහල් නිෂ්පාදකයෝ කියන්නේ ගොවියෝනේ බොල! උඹලා කොහොමද නිෂ්පාදකයෝ වුණේ? උඹලා කරන්නේ දුප්පත් ගොවීන් හූරා කන එකනේ. උඹලට ගෞරව නාමයක් මෝල් හිමියන් කියන එකත්. කූඩැල්ලෝ වගේ නමක් තමා ගැලපෙන්නේ.

:       5       8

RS Thursday, 06 February 2025 12:25 PM

පාඩුයි නම් බිස්නස් එක නවත්වලා වෙන එකක් කරන්න පුළුවන් අය කරයි රජයට කියන්නේ මුදලාලිලාට නැමෙන්නේ නැතුව හාල් ප්‍රශ්නය විසඳන්න කියලා

:       0       7

prasanna Thursday, 06 February 2025 12:40 PM

බැරි මඟුල් කරන්නේ ආණ්ඩුව වෙන කරන්න පුළුවන් එකෙකුට දීලා පලයල්ලා

:       9       6

කුමාර Friday, 07 February 2025 07:21 AM

ඔය ගානට බැරි නම් නොගෙන ආන්ඩුවටම වී ටික දෙන්න කියන්න... හැමදාම කලේ හුරන් කන එකනේ... පොඩි ගාබයක් තියන් බිස්නස් එක කරන්න. හූරන් කන්කැතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32367 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14874 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site