
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට සිදුවූ හිංසන සහ වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මහාධිකරණ විනිසුරුවරියගේ වාර්තාව ඉදිරිපත් කර මාස හයක් ගත වී ඇතත් එහි කිසිදු නිර්දේශයක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි සමගි බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද චෝදනා කළේය.
ඔහු මෙසේ චෝදනා කළේ ස්ථාවර නියෝග 92 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීනියට සිදුවූ හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අවසන් වාර්තාව බාරදීලා මාස හයක් වෙනවා. ඒකෙ තවම කිසිම නිර්දේශයක් ක්‍රියාත්මක කරලා නෑ. දැන් ඊට වඩා පල්ලෙහායින් කොමිටියක් දාලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මහාධිකරණ විනිසුරුවරියක් රිපෝට් එකක් දුන්නට පස්සේ තවත් හොයන්නෙ මොනවද. තවත් හොයන්න දෙයක් නැහැ. ඒකට අවශ්‍ය පියවර ගැනීමයි කරන්න ඕනේ. ඒවගේම අයි ටී ඩිපාට්මන්ට් එකේ ඒ හිංසා කරපු නිලධාරීන්ට තවමත් දඬුවම් දීලා නෑ.
මහාධිකරණ විනිසුරුවරියගේ වාර්තාව ගැන තවදුරටත් හොයනවා නම් ඒක දාන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයේ කවුරුහරි කරන්න ඕන. කරුණාකරලා මේ වාර්තාවට තීන්දුවක් දෙන්න. වාර්තාව දීලා හරියටම මාස හයක් වෙනවා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:
සුජාතා අලහප්පෙරුම හිටපු මහාධිකරණ විනිසුරුවරිය දුන් වාර්තාවට අනුව ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා මම ලේකම් මණ්ඩලයට පැහැදිලිවම කියලා තියෙනවා.
ඒ වගේම ඒ සම්බන්ධයෙන් මට වාර්තාවක් දෙන්න කියලත් මහ ලේකම්තුමියට දැනුම් දුන්නා. ලැබුණට පස්සේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
දයාසිරි ජයසේකර මහතා:
පොඩි කාලයක් නෙවෙයි. මාස හයක් කතානායකතුමා. වහාම ඒකෙ නිර්දේශ ක්‍රියාත්මක කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd