
(ටී.කේ.ජී.කපිල )
පළමු වරට තායිලන්තයේ පැවැත් වූ" මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් " ( Miss Grand All Stars ) ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ටිෂානි පෙරේරා මෙනෙවිය , එම තරගාවලියේ නිරූපන අංශයේ ( Runner Way ) , ජනතා කැමැත්ත ( People's Vote ) මත අවසන් 07 දෙනා වෙත තේරී පත් වීමෙන් පසු අද සවස දිවයිනට පැමිණියාය.
ලෝකයේ මෙතෙක් පැවති මිස් ග්‍රෑන්ඩ් ( Miss Grand ) , මිස් යුනිවර්ස් ( Miss Universe ) , මිස් වර්ඩ් ( Miss World ) වැනි ප්‍රධානතම රූ රැජින තරගාවලියන් වල ජයග්‍රාහිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගී වූ අතර , ශ්‍රී ලංකාවේ ටිෂානි පෙරේරා ඉකුත් 2025 වසරේ මිස් ග්‍රෑන්ඩ් රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව විය .
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 56 ක ජයග්‍රාහී රූ රැජිනියන් පමණක් සහභාගී වූ අතර , මෙම තරගාවලිය ඉකුත් ඉකුත් 16 වැනි දින සිට 30 දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .
ටිෂානි පෙරේරා මෙනෙවිය ව්‍යාපාර කළමකරණ උපාධිධාරිනියක වන අතර මේ වනවිට පශ්චාත් උපාධිය ද හදාරමින් සිටින්නියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'මිස් ඇන්ටික්' තරඟෙට ගිය කෙනා ආවද?