(විමුක්ති එස් රුද්‍රිගු)

තමන් නැවතත් මෙම වසරේදී බංග්ලාදේශය පැමිණීමට බලාපොරොත්තු වන එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා එන්.ඩී.ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ප්‍රකාශ කළාය.

මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කිරීමේ වරදට හසීනාට බංග්ලාදේශ අධිකරණය මරණ දඬුවම නියම කර තිබෙන අතර එම නඩු විභාගය ඇය නොමැතිව පැවැත්විණි. ඒ පිළිබඳව අදහස් දක්වමින් සම්මුඛ සාකච්ඡාවේදී ඇය ප්‍රකාශ කර සිටියේ තමන් කිසිම දිනක මරණයට බිය නොවන බවත් තමන්ට එරෙහි තීන්දුව යුක්තිය ඉටුකිරීමක් නොවන බවත්ය. එය නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී සහ දේශපාලනික වශයෙන් බලගැන්වුණු ක්‍රියාවලියක කොටසක් බවද ඇය පැවැසුවාය.