
(නිමල කොඩිතුවක්කු)
මාලිමා රජය රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න අමතක කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් රටත් ප්රජාතන්ත්රවාදයත් විනාශ කර ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න උත්සාහ කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම උත්සාහය සඳහා විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට යන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් සේම ප්රජාතන්ත්රවාදය බිද වැටී නීතියේ ආධිපත්‍ය විනාශ වී යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd