(නිමල් ජයරත්න )
අයිස් මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඊයේ (01) රාත්රියේදී පැමිණි බාල වයස් තරුණයන් 12 දෙනෙකු සහ ඔවුන් පැමිණි යතුරු පැදි 05 ක් සහ ත්‍රිරෝද රියක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂකාර්ය බලකාය සඳහන් කරයි.
රුහුණුගම ප්‍රදේශයේ වෙල්යායේ කොන්ක්‍රීට් අතුරා තිබු කමතක ස්ථාන කිහිපයක මෙම අයිස් මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇති අතර මේවා පානය කිරීම සහ ලබා ගැනීමට පැමිණ ඇත්තේ මගුල්දමන ,කළුකැලේ සහ සිරිපුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 18,19,20, යන වයසේ තරුණයන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් බාල වයස්කාර තරුණයන් දොළොස් දෙනා සහ පැමිණි යතුරුපැදී අරලගංවිල පොලිසියට භාරදීමට කටයුතු කළ බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක, ඩබ්ලිව්.ඒ.ටී.හේමන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
අයිස් පැකට් එකක් රුපියල් පන්දාහක් බැගින් ඊසි කෑෂ් ක්‍රමයට ගෙන්වා ගෙන මෙම ජාවාරම සිදුකර ගෙනගොස් ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd