මාතලේ පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද මාතලේ දිස්ත‍්‍රික් 19න් පහළ අන්තර් පාසල් ”ෆුට්සල්” පාපන්දු තරගාවලියේ අවසන් තරගයේදී උකුවෙල අජ්මිර් විදුහල පරදවා මාතලේ සහීරා විදුහල දඩුවම් පහර 4-3 ක ජයක් ලැබිය. තරගයේ නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල 2-2 ක් ලෙස ලබා සිටියහ. මෙම තරගය, මාතලේ බර්නාඞ් අලූවිහාරේ කී‍්‍රඩාංගනයේදී පැවැත්විණ. සහීරා විදුහලේ එම්. ඉෂාම් සහ අෂ්රොෆ් අලි යන කී‍්‍රඩකයින්ද, අජ්මීර් විදුහලේ එම්. දිල්ෂාඞ් සහ එම්. නජාබ්ද තරගයේ නියමිත කාලයේදී ගෝල ලබාගත්හ. අවසන් පූර්ව තරගවලදී, සහීරා විදුහල් ‘ඒ’ කණ්ඩායම විසින් මාතලේ රෝයල් ඉංග්ලිෂ් විද්‍යායතන කණ්ඩායම පරදවා ජය ලැබූ අතර, අජ්මිර් විදුහල විසින් සහීරා විදුහල් ‘බී’ කණ්ඩායම පරදවා ජය ලැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd