කැසීම් ඇතුළු අසාත්මිකතා ඇතැයි සම වයසේ ළමයින් රෝහල් ගතවී ඇතත් ඊට හේතුව විෂභීජයක් හෝ රසායන ද්‍රව්‍යයක් හෝ පරිසර සාදකයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. එම පාසල්වල ජලය, පස් හා දූවිලි බොරැල්ල වෛද්‍ය පරීක්ෂනායතනයේදී පරීක්ෂා කළ නමුත් කිසිදු රෝගකාරක විෂභීජයක් හෝ ක්ෂුද්‍ර ජීවියක් සොයාගෙන නැතැයි අමාත්‍යංශය කියයි. බොහෝ විට සුළු සිදුවීමක් නිසා ආතතිය හෝ චකිතය නිසා සම වයසේ ළමයින් මෙසේ ක්ෂණික ප්‍රතිචාර දක්වන බව පෙනේයැයි ද අමාත්‍යංශය සඳහන් කරයි. මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් මෙය අසාත්මික තාවක් නොවන බවත් මායා රෝගය නම් හිස්ටීරියා තත්ත්වයක් බවත් මුල් වරට පවසන ලද්දේ නොවැම්බර් මස 16 දින එසැණ පුවත් මගිනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට විතරද ඇති වෙන්නේ
ජයසුන්දර මහත්මයාණෙනි ලංකාවෙ ඉන්න උගත්තු ඕවා ගැන හොයලා නැහැ.. ඒක එයාලට ලැජ්ජාවක්.. ඒගොල්ල කියන දේ මිනිස්සු පිළිගන්න ඕන.. මොනවා කරන්නද එහෙම අයනෙ පත්කරලා තියෙන්නේ.. මේවගේ අදහස් තියනවාද කියලත් ඒ ගොල්ල දන්නෙ නැහැ..!(නු)
අවසානේ මේ වගේ තීන්දුවක් තමයි ලැබෙන්නේ (ස)
මෙය පිළිගැනීමට අපහසුයි .තණකොළ වල ඉන්න පියවි ඇහැට නොපෙනෙන කුඩා ම්යිටාවෙක් ඉන්නවා "චිගාර් " නමැති .වැහි කාලයට උන්ගේ ගහනය වැඩිවෙනවා .පිට්ටනි වල සෙල්ලම් කරන ළමයින්ගේ ඇඟට මෙම සතුන් ගොඩවී දෂ්ට කලවිට මෙවැනි තත්වයක් ඇති වෙන්න ඉඩතියෙනවා .මේ පිලිබදව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවිය යුතුයි .අන්තර්ජාලයෙන් මෙහි වැඩි විස්තර බලාගත හැකියි .එහි සම්බදතාවයක් මේ සමග ඇත.http://en.wikipedia.org/wiki/Trombiculidae (ස)
අනිවාර්යයෙන්ම විෂබීජයක් නිසා වෙන්න ඇති (දී)
චතු රහස මොකක්ද? චකිතය. (නි)
රහස සෞඛ්‍ය බලධාරින් කලින් ලබා දීපු විටමිනයක් හරි එන්නතක් හරි වෙන්න නම් බැහැ මං හිතන්නෙ මොකද ඒගොල්ලො ගෙන්නන්නෙ ඉස්තරම්ම බෙහෙත් නෙව. (ස)
ඔය ලෙඩේ එකම පාසලේ ළමයින්ට හැදුනේ බෝවන චකිතයක් නිසා වෙන්න ඇති (ස)
එතකොට චකිතයට හේතුව මොකක්ද? (නි)
මෙයාලට පිස්සු නැත්නම් මෙහෙම කතා කියාවිද? (ස)
මේ පිලිබදව ළමුන් දැනුවත් කල යුතුයි (දී)
මොකක් හරි සැඟවුන රහසක් තියනවා (ස)
අපේ රටේ ගොඩක් අයට ඔය චකිතය කියන ලෙඩේ තියෙනවා (ස)
ඔක්කොටම චකිතයද ? (ස)
අපූරු සොයාගැනීමක්, චකිතයට කැසීම හැදෙනවානම්, ඔය ගොඩක් අය කස කස ඉන්න එපාය. (ස)
අයියෝ සල්ලි
කසන ලෙඩේ චකිත ලෙඩේ උනෝයා !! (ස)
ග්‍රීස්යකා අංක දෙක මායා නොහොත් චකිතය! (ස)
පාසල් ටිකත් වහලදාන්න හදන උප්පරවැට්ටියක් නොවේවා! මේ චකිතය කොළඹ පාසල්වලට නැත්තෙ මොකද? (ස)
බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකදීපය මොක්ද දරු පැටවුන් හට උන විනාසය (ස)
චකිතය නෙමෙයි ඕකට කියන්නේ මාන්දම කියලා (ස)
බෙහෙත් නැද්ද
ගොඩක් හොඳයි (ස)
මේ ගැන ළමුන් හොදින් දැනුවත් කල යුතුයි (දී)
අද කාලේ වෙන දේවල් වලට චකිතය ඇති නොවුනානම් තමයි පුදුමේ (ස)
මොකද්ද අප්පා මේ කසන චකිතේ (ස)