
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මූලික කර ගනිමින් පැවැත්වෙන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය හෙට දිනට යෙදී ඇත.
නැකත් චාරිත්‍ර වාරිත්‍රවලට අනුව හෙට (14) අඟහරුවාදා පූර්වභාග 9.32ට අලුත් අවුරුදු උදාවේ.
සුබ නැකැත්වලට අනුව අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීම අතීතයේ පටන් පැවති සම්ප්රදායකි. සිංහල දෙමළ සැවෝම මෙම චාරිත්‍ර වාරිත ඉටු කරයි.
අවුරුදු නැකතට පෙර පුණ්‍ය කාලය ආරම්භ වේ. එය 14 වැනි දා එනම් හෙට පූර්වභාග 3.08 සිට අපරභා 3.56 දක්වා පැවැත්වෙන බව නැකත් සීට්ටුව සඳහන් කරයි.
පූන්‍ය කාලයේ සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන බව පුරාන අටුවාවල සඳහන් වේ.
පුණ්‍ය කාලයේ අපර කොටසේදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසුය.
අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත හෙට 14 වැනි දා පූර්වභාග 10.51ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගත යුතුය.
වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ටය.
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම පච්ච වර්ණයෙන් හෙවත් කොළපාට වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා කොහොඹපත් මිශ්‍ර නානු සහ තෙල්ද හිස ගල්වා ස්ථානය කිරීමට සුදුසු යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
පැලසිටුවීම 23 වැනි දා බ්‍රහස්තපතින්දා පූර්වභාග 9.01 රන්පැහැති වස්ත්‍රා භරණයෙන් සැරසී උතුරු දිසාව බලා පැලසිටුවීම සුදුසු බව ද නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd