(උපුල් හේරත්)

හබරණ පොලිස් වසමෙි ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයට මයිමි වන හුරුලු වැව රක්ෂිතයේ eco park යන ප්‍රදේශය අද දහවල් ඇති වූ හදිසි ගින්නකින් විශාල ප්‍රදේශයක් ගිනි ගනිමින් පවතින බව හබරණ පොලිසිය කියයි.

මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන හමුදාව, යුද හමුදාව හෝ ප්‍රදේශවාසීන්ට එම ස්ථානයට ළඟාවීමට නොහැකි හෙයින් සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සහාය ලබා ගැනීම සඳහා දැනුවත් කර ඇති බව පොලිසිය කියයි.

මෙම ගින්න ඉතාමත් ඉක්මනින් පැතිර යන බවත් සුළඟේ වේගයද අධික බව ප්‍රදේශවාසීන් කියයි.