
පියාණන්ගේ අභාවයෙන් පසු කිරුළ හිමි නෝර්වේ රාජ්‍යයේ හෝකොන් රජු ජාතිය ඇමතුවේය. 53 හැවිරිදි හෝකොන් රජු ප්‍රකාශ කළේ, පියාණන් වෙනුවෙන් ඕස්ලෝ නුවර රාජකීය මාළිගය ඉදිරිපිට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාව දැක්වූ ගෞරවය සහ ආදරය තමන්ට මහත් අශ්වැසිල්ලක් මෙන්ම ශක්තියක් වූ බවය.
වසර 35 ක කාලයක් නෝර්වේ රාජ්‍යය පාලනය කළ 89 හැවිරිදි හැරල්ඩ් රජු සැමවිටම සිය ප්‍රතිපත්ති සහ වගකීම් වෙනුවෙන් කැපවූ ආදර්ශමත් නායකයකු බව ද නව රජු මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කළේය.
සැමවිටම තමන්ගේම මඟක් තෝරා ගනිමින් සේවය කිරීමට පියාණන් තමන්ට මඟපෙන්වූ බවත්, දැන් තමන්ගේ වාරය පැමිණ ඇති බවත් පැවසූ හෝකොන් රජු හෙට (1) දිනයේ නෝර්වේ පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රතිඥා දීමට නියමිතය.
හැරල්ඩ් රජුගේ අභාවය වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය පුරා ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් සහ විදේශීය රාජකීය පවුල් රැසක් ද සිය ශෝකය පල කර තිබේ.
ඇනීමියා රෝග තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව සිටියදී අභාවප්‍රාප්ත වූ හැරල්ඩ් රජු, පසුගිය සමයේ රාජකීය පවුල මුහුණ දුන් නොයෙකුත් පෞද්ගලික අභියෝග සහ සෞඛ්‍ය ගැටලු හමුවේ වුවත් නෝර්වේ වැසියන් අතර දැඩි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd