
( රංජිත් රාජපක්ෂ )
හැටන් නගරයේ ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් භාරයට ගැනුණ ළමුන් තිදෙනා අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන මස 6 වැනිදා තෙක් වෙිරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානයට බාර දෙන්නැයි හැටන් දිසා අධිකරණ විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහ ඊයේ (30) නියෝග කළේය.
මීට සති තුනකට පමණ ප්‍රථම එම පාසලේ ආදි ශිෂ්‍යෙයකු සහ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු විසින් සිසුවෙකුට පහර දි ඇත.
එම පහර දීම සම්බන්ධයෙන් ළමුන් සිව් දෙනාගේ දෙමව්පියන් පාසල වෙත කැදවා එය සමතයකට පත් කිරිමට එම විදුහලේ විදුහල්පතිවරයා පියවර ගෙන තිබුණි.
පහර දීමට සම්බන්ධ වූ සිසුවෙකු විසින් පහර දීම වීඩියෝගත කර මුහුණු පොතට දර්ශන ඇතුලත් කර තිබීමත් සමග පහර කෑමට ලක් වූ සිසුවාගේ මව විසින් පසුගිය 27 දින හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම සිසුන් තිදෙන හැටන් පොලිස් භාරයට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd