ල්දුම්මුල්ල, කිරිමැටිය නිදන්ගල කන්දේ ගලපිටගල මින් වසර පන්දහසකට පමණ පෙර සිටි මිනිස්සුන්ගේ නිර්මාණයක් බව පෙනේ යැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව කියයි.
මහා ගල් පර්වතයක් මත වූ කුඩා ගල් කිහිපයක් සිරස් අතට පිහිටි මහා ගල අපූරු නිර්මාණයක් බවත්,එය මිනිස් මුහුණක් ලෙස හැඩ ගැන්වීමට අතීත මිනිසා වෑයම් කළ බව පෙනෙන බවත් මහාචාර්ය සෝම දේව පවසයි.
අඩි 30ක් පමණ උස් වූ මෙම ගල් කුට්ටිය හුදකලාව පිහිටියේය.
මුඛය ඇතුළු මුහුණේ අංග ලක්ෂණ ඉස්මතු කිරීමට එදා නිර්මාණකරු උත්සාහ කර ඇතැයි ද, එම පාෂණය ස්වභාවික හේතු මත වෙනස්කම් වලට කල්ව ඇතැයි ද ඔහු කියයි.
උතුරු කදුකරය දෙස බලා සිටින ආකාරයට මෙම ගල තබා ඇත.
මෙම ගල ඇඟිල්ලෙන් සෙලවිය හැකි වුවත් අත ගසා සෙලවිය නොහැකි බව ජනප්‍රවාදයේ එන කතාවකි.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වූ දියළුම ද ලංකා ඇල්ල ද මේ ආසන්නයේ පිහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට අදාල නියම හැඩරුව ඉස්මතුවෙන ඡායාරූප මාසතුව ඇති බැවින්, මෙහි දමා ඇත්තේ ඉදිරිපස පෙනුම නිසා. වඩා පැහැදිලීම මිනිස් රුව ඉස්මතු නොවේ. තවද උසම දිය ඇල්ල බඹරකන්ද වන අතර. මෙහි ලගාවිය හැක්කේ කළුපහණ හන්දියෙන් හැරී බඹරකන්ද දිය ඇල්ලට යන පාරේ මද දුරක් ගොස් ය.(නදී)
මම නම් අසා තියෙන්නේ උසම දිය ඇල්ල බබර කන්ද දිය ඇල්ලබවයි.එහි උස අඩි 790 වේ.(අ)
මෙවැනි මුණක් සද මතත් තියෙනවා නේද?(නදී)
පොඩි නිවෑරදි කිරීමක්. ලංකාවේ උසම දියඇල්ල බඹරගල නේද?(නදී)
වසර පන්දහසකට පෙර මිනිස්සු හිටියානම්, ඒ අයගේ ජීවන රටාව පිළිබඳව යම් තොරතුරක් දැන ගැනීමට හරිම ආසයි. ඒ අපේම මුතුන් මිත්තන් නිසා.(නදී)
තවත් සංචාරක ආකර්ශනයක්.(නදී)
චින්තන ඔයා හරි. මේවා ස්වභාව ධර්මයේ නිර්මාණ.හැබැයි කවුරුහරි දක්ෂ කළා කරුවෙකුට දැන් හොද නිර්මාණයක් කරන්න පුළුවන්. එය ඉතිහාස ගතවේවි.(නදී)
ගල් පෙරේතයෙක්ද කොහෙද, ඔය බන කතා වල තියෙන්නේ ඕන තරම් උදාහරණ.(නදී)
ගල් කදු මුදුන් වල ඔය වගේ හැඩ තියෙන ගල් රැදැව්වේ මොකක් හරි පනිඩයක් දෙන්න වෙන්න ඇති. අවිස්සාවෙල්ල තල්දූව අතර කදු මුදුනකත්, කෑගල්ලේ යට්ටෝ ගොඩත් ඔය වගේ තනි මිනිස් හිස් වගේ ගල් තියෙනවා.(නදී)
මේකත් අර කෙනා මවලා කියලා කියන්න එපා හරිද? (ස)
අනේ ඕකට නිදන්ගල කන්ද කියලනම් කියන්න එපා අහවල්ලු දැන ගත්තොත් නිදන් හාරන්න යාවි.(නදී)
ඔය ආදිකාලෙ හිටිය අපේ කිරිකිත්තෝ "බැලන්සින් රොක් " විනෝදයට කළ දේ වෙන්න ඇති. විනෝදයට කරලා තිබෙනවා මිනිසුන් විශ්මිත දේවල්. මීට වඩා ලස්සනයි. නිර්මාණශීලියි. (නි)
ඕක බලන්න ඉතින් අපේ අරගොල්ලෝ වාහන නවත්ත නවත්ත යාවි (නි)
ලංකාවට අලුත් ඉතිහාසයක් සොයා දුන් මහාචාර්යතුමාට ස්තුතියි (නි)
කව්ද ඉතින් අරයගේ මුහුන වගේ තමයි. (නදී)
ගුණපාල, කියන දේ අඩක් හරි. නමුත් මේ රටේ මිනිස්සුත් ඇත්ත හෝ බොරු ඕනෙම යමක් පිළිගන්න සූදානම් කිඹුලා කාපු කට හඬකින් නලවල කියනවානම්, තමුන් කැමති වර්ණය ඇඳගෙන ඉන්නවානම්, තමන් අයත් කුල ගෝත්‍රය හෝ පක්ෂය හෝ දහම නියෝජනය වෙනවා නම් වැනි තවත් බොහෝ කරුණු කාරණා අනුවයි. ආචාර්ය මහාචාර්ය වරුත් ඒ සමාජමයි නියෝජනය කරන්නේ. ඒනිසා විචාරාත්මකව විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. එහෙත් විද්‍යාවට කෙලින්ම හසු නොවන දේත් තිබෙනවා. නිදසුනක් ලෙස හල්දුම්මුල්ලේ ගල පිට ගල මඟින් ස්වභාව ධර්මය හෝ වෙනත් විශ්ව බලයක් පුන පුනා කියන්නේ 'බියටපත් සැඟවුණු මිනිසා' ගැන බවයි මගේ අර්ථකතනය. (ස)
මගේ ඇස්වල දෝෂයක්ද මන්දා. (නි)
පින්තුර වල හැටියට නම් මේ ගල තියෙන්නේ අමාරුවෙන් ළඟා වියයුතු දුෂ්කර තැනක නෙමෙයි. ඒ විදිහේ තැනක අවුරුදු 5000ක්ම තිබුණු මිනිස් මූණ මේ මහාචාර්යවරයා දකිනතුරුම කවුරුවත් දැකලා තිබුණේ නැද්ද? (නි)
රාජ් සෝමදේව මහත්තයා මේ ගැන අදහසක් දක්වා තිබෙන්නේ ඔහු යමක් දන්නා නිසාය. නීල්-රානා,චින්තක පෙරේරා,මිනිපෙ , අමාර වැනි අය පත්තරේ දැකපු එක ඡායාරූපයක් බලා අර පුරා විද්‍යා මහාචාර්යවරයාගේ අදහස විහිළුවක්,පිස්සුවක් ලෙස සලකා ඔහුට නිර්ධය ලෙස අපහස කරන්නට තරම් පෙළඹිලා.පෙනෙනවාද නොදැනුවත්කමේ මහත.නීල්-රානා කොහොමත් හැමදාම ලියන්නේ ලෝකයේ හැම දෙයක්ම දන්නා එකම පුද්ගලයා එයා කියලා හිතාගෙන. (නි)
දන්නදේ තිබෙන්නේ හංගාගෙන ඉන්න නෙමෙයි. ගල පිට ගල මානව නිර්මාණයක් බවට තහවුරු කළ හැකි සාධක සොයාගෙන තිබේනම් පුරා විද්‍යා පර්යේෂණ පත්‍රිකාවක් ලෙස එළිදක්වන්න. දෙවන පිංතුරයේ දැක්වෙන ශීර්ෂ පිළිමයට අනුව වුවත් සෝම දේවගේ මතය බැහැර කළ නොහැකි වගේම මා එය ප්‍රතික්ෂේප කර නැහැ. මෙහි ඇති ඡායාරූපයට අනුව කිවහැක්කේ දුරින් පෙනෙන මූලික භෞතික සිද්ධාන්ත පමණයි. එම සිද්ධාන්තවලට අනුව දණහිස් දෙකක්, අත් දෙකක් හා හිසක් සහිත මූලික හැඩතල ස්වභාවිකවම නිර්මාණය වී තිබෙන බව ස්ථිරයි. (නි)
මේ නිර්මාණයට සමාන මුහුණක් මෙතන තියෙනවා. අපහාස කරනවා නෙමේ.(නදී)
ලංකාවේ උසම දිය ඈල්ල දියළුම නෙවේ බඹරකන්ද. ලංකා ඈල්ල ආසන්නයේ හා හල්දුම්මුල්ල ආසන්නයේ තියෙන්නේ බඹරකන්ද. දියළුම ඈල්ල තියෙන්නේ කොස්ලන්ද ආසන්නයේ.
මෙතනත් ඉන්නවා ඔය වගේ කෙනෙක්.(නදී)
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල දියළුම ද? බබරකන්දද ?
අපේ වරුණ මල්ලි, හදිස්සියක් වෙලා ඉක්මනට බිම ඉදගන්න හදනවා වගෙයි මට නම් පෙනෙන්නේ.(නදී)
අනේ රටට ගිය කල! (නි)
නම දාගන්න් කියන කෙබරයක්? ඔයාට වඩා කොච්චර හාස්කම් තියන ඒවා තියන රටක්ද ලංකාව. මෙයාගේ හොයාගෙනිමටද මහාචාර්ය පට්ටම දුන්නේ. (දී)
සුප්‍රසිද්ධ ඊ ටී වැනි පිටසක්වළ ජීවියෙකුගේ හිස ගල පිට ගල මුර්තිමත් කරන බවක් පෙනෙනවා. මෙය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්. ඛාදන තල ආනති පාෂාණය පුරාම එක හා සමානයි. දෙවන මුර්තිය ලැබුනේ කවර පුරාවිද්යා කැනීමකදීද එය කොපමණ පැරණිද යන්න දැන ගැනීමට කැමතියි. පෙනෙන ආකාරයට නම් සියුම් හැඩතල ඇති එම ශීර්ෂයේ නිර්මාණකරුවා ඉතා ඈතම අතීතයක සිටි සැබෑ දක්ෂ කලාකරුවෙක්. (නදී)
අපේ රටේ අට සමත් වුනත් බොහෝ දෙනෙක් කතාකරන්නේ උපාධි ධාරියෝ වගේ.(නදී)
ඉතිහාස නිර්මාණ කරුවා අපට ඉතිරිකරලා තියෙන දේවල් වල වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැක.(නදී)
දිගටම මෙවෙනි දේවල් දැකලා හිතේ ඇතිවෙන සමානතාව නිසා කරන සාක්ෂි නැති හිතලුවක් බවයි පෙන්නේ. විවිධ රූප වලට සමාන මේ වගේ ඛාදනය වුනු ගල් කඳු ඕනේ තරම් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තියෙනවා. මගේ මතකයේ හැටියට ඇමෙරිකාවේ ග්‍රෑන්ඩ් කැන්යොන් ප්‍රදේශයේත් ඕනේ තරම් මෙවැනි රූප වලට සමාන ස්වභාවික ගල් පර්වත දකින්න පුළුවන්. ඒ වුනාට කිසිම පූරා විද්‍යඥයෙක් ඒවා මිනිස් කෘතියි කියල නෑ. (නදී)
ස්වභාව ධරමයා තමා නියම නිර්මාණ කාරයා.(නදී)
කාටද වැරදුනේ ..ලංකාවේ උසම කන්ද දියළුම ...එතකොට බඹරකන්ද ..ගලක් දිහා බලාගෙන ගල් පැලෙන බොරු කියන ආචාර්යවරුත් ලංකාවේ ඉන්නවද. (ස)
මහමෙව්නා සමාධි පිළිමයට වඩා සිය දහස් වාරයක් ගුණාත්මක වූ සුවිශේෂ භාව ප්‍රකාශණාත්මක නිර්මාණශීලීත්වයක සැබෑ දේශීය ඌරුව හඬගා කියන ශීර්ෂ පිළිමය ආරක්ෂා කරගන්න.(නදී)
චින්තක පෙරේරා හරියටම හරි.(නදී)
මට නම් මිනිහෙක් වගේ පෙනෙන්නෙ නැහැ ඔය ගල (නි)
අපේ රටේ මහාචාර්යවරුන් වැඩිදෙනෙකුගේ කියමන් පිළිගන්න ගොඩක් දෙනා කැමති නැහැ. මොකද විද්‍යාත්මක පදනමක පිහිටා කරුණු කරන ඉදිරිපත් නොකිරීමත්, විචාරන්මකව නොබැලීමත්, මම තමඊ ඔක්කොම දන්නේ පදනමේ සිතීමත් නිසා. මේකත් සාක්ෂි නැති හිතලුවක් බවයි පෙන්නේ (දී)
මේ ගල් වැඩ දැන් ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ වැඩ නොවෙයි. මේවා ඇත්ත නම් එය "කුවෙනිගේ" මුල් පරම්පරාවේ නෙෆිලීම්වරු ලංකාවේ හිටපු පැරණි යෝධයන්ට අයිති සෙනඟකගේ වැඩ විය යුතුයි. (ස)
දැක්කා නේද සොභාව ධර්මයාගේ ආශ්චර්ය ? මේවා අපේ පෞරාණික සම්පත් තව මිනිසෙකුට කල නොහැකි කොතරම් දේවල් සොභාව ධර්මය නිර්මාණය කර ඇති අපූරුව මේවා අපි ඉදිරියට රැක ගත යුතු වේ. එයින් අපේ අනාගත පරපුරටත් මේවා පෙන්විය හැක. ඒත් සමහර මිනිස්සු මේ වයේ අගය ගැන කිසිවක් දන්නේ නැහැ. අප මෙහි අගය ඔවුන්ටත් කියා දුන්නොත් ඔවුනුත් මේවා ආරක්ෂා කිරීමට පෙළඹෙයි. එය අපට මේවා ආරක්ෂා කිරීමට මහත් පිටුවහලකි.(නදී)
ලංකාවේ උසම දිය ඇල්ල බඹර කන්ද ගලපිට ගල අසල ඇත්තේ බඹර කන්ද වේ
පුරාවිද්‍යාව මෙවැනි දේවලටත් සම්බන්ධ වෙනවද? (නි)