දින තුනක් තිස්සේ වස්ගමුව වනොද්‍යානයේ අතරමං වූ බව කියන තවත් 14 දෙනකු සොයා අද සවස පොලීසිය යුද හමුදාව හා නවික හමුදාව වස්ගමුව බලා ගියේය. බකමූණ අඹන් ගඟෙන් එගොඩ වී මොවුන් වනෝද්‍යානයට යන්නට ඇතැයි ද, ඔවුන් අනවසරයෙන් ඇතුලුවන්නට ඇතැයි ද, පොලීසිය කියයි. කොළඹින් ගිය හය දෙනකු සහ බකමූණේ හට දෙනකු මේ ගමනට එක් වී ඇති බවත්, වනෝද්‍යානයට පයින් යාම නීති විරෝධී බවත් වනජීවී නිලධරයෝ කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ටන් ඔබ නාවික හමුදාව යනු කුමන කාර්යක් කරනවද යන්න දනීද ප්‍රිය මිතුර වහා අසා දැනගන්න.(නු)
කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කිවුවලු. (නි)
නාවික හමුදාව ගියේ කොහොමද එතකොට? (නි)
නීති විරෝධී වැඩ කරනකොට ස්වභාව ධර්මය දඩුවම් දෙන්න ඇති. (නි)
වජිර, ඔයා ළග හුගක් සල්ලි ඇති නේද? (නි)
ඇන්ටන් මහ මෝඩයිනේ, රටේ හමුදාව මිනිස්සු බේරගන්න යන එක නීතිවිරෝදියි, ඔයා ගේ ඇතුලෙ හිරවෙලා ඉන්නකොට කවුරු හරි බේරගන්න ආවොත් අහනවද කාගෙන් අහලද ආවෙ කියල. (ස)
සත්තුන්ට අහුවුණා නම් එහෙම? (නි)
මොන ගමන්ද අනේ මෙහෙම දවස් වලට? පිස්සුද මන්දා? (නි)
හොර වැඩ කරන්න හිතන්න වත් එපා (දී)
කවුද මේ ඇන්ටන් කියන්නේ..?(නු)
හොද වැඩේ (දී)
මොවුන්ට නීතියෙන් දඬුවම් කරන්න. අපි බලාගෙන ඉන්නවා. ඔය කැළෑවේම අනවසර ඉදිකිරීම් හදාපු ඇමතිවරුන්ටත් දඬුවම් ලබාදෙන්න. ඒත් එක අතකට එහෙම කරන්නෙ කොහොමද? ලංකාවේ නීතිය එයාලාගේ අතේ තියෙනකල්? අපට ඉතින් අනේ අපොයි මොනවා කරන්නද කිය කියා හූල්ල හූල්ලා තමා ඉන්න වෙන්නේ. (නි)
අපි සියල්ලෝම එක මවකගේ දරුවෝ. අපි ඔවුන්ට කෙසේ හෝ උදවු කළ යුතුයි. (නි)
ඇන්ටන්ව දෙවියන්ට වැරදිලා මවලා තියෙන්නේ මං හිතන්නේ (ස)
ඇයි මෙයාලා කවුරු ළගවත් ජංගම දුරකතනයක් තිබිලා නැද්ද? (නි)
මම වස්ගමු ගියේ නැහැ..!(නු)
දැන් එතකොට ප්‍රශ්නේ හොරෙන් වස්ගමුවට ගිය එකද? (නි)
දැං ප්‍රශ්ණය හොරෙන් වස්ගමු ගිය එකද? එතකොට හොරෙන් කරන අනිත් දේවල් රට විකුණන වගේ වැඩ අදාළ නැද්ද?(නු)