2003 වසරේ දකුණු කොරියාවේ වීසා කාලය අවසන්ව නීති විරෝධීව රැඳී සිටියදී ආගමන විගමන නිලධාරීන්ට හසුවූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයා බර ඔසවන යන්ත්‍රයක් ධාවනය කරමින් එම එක් නිලධාරියකු ඊට යට කළ බව දකුණු කොරියා පොලීසිය කියයි. යන්ත්‍රයට හසුවී අසාධ්‍ය තත්ත්වයේ සිටින නිලධාරියා පුසාන් නගරයේ රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබ සිටී. එම සිද්ධිය දකුණු කොරියානු රූපවාහිනී ඔස්සේද විකාශය විය. ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඉන්නේ කොරියාවේ.මේ වගේ අය නිසා අපිටත් ඉන්න බැරි වෙනවා.අපේ රටත් සවුත්තු වෙනවා.....
අපේ රටෙත් ඉන්නේ පුදුම මිනිස්සු. ඔය එක්කෙනාවත් ඒ විදියටම යට කරන්න ඕන..
හරි අධ්‍යාපනයක් නැති අය රට යවන්න එපා. එහෙ වැඩකරගෙන ඉන්න අහංසක කොල්ලොත් අමාරුවේ..
අනේ අපොයි අපිට කොරියාවෙන් ලැබෙන රැකියා වලටත් නැවතීමේ තිත තියයි මෙහෙම ගියොත්
අපේ එහෙ නමත් කනවා..
මෝඩකම නිසා තවත් අමාරුවෙ වැටෙනවා..
වීසා නැතිව ඉන්න අනිත් අයටත් දැන් හරි..
අපේ අය බලන් ඉන්නේ මෙහෙම වෙනකම්. උදව් නැහැ.
අපේ රටට ලෑබෙන කොරියානු රෑකියා ටිකත් නෑතිවෙයිද?
රටේ නම කන කට්ටිය
ලොකු වීරකමක් කළා කියල හිතාගෙන ඇත්තේ..
හැම රටකම මෙවැනි අය ඉන්නවා..
මෙයා නිසා ලංකාවෙ මිනිස්සුන්ට රස්සාවක් කර ගන්න බැරි වෙනවා..
අසුභවාදීව හැම දෙයක් ගැනම බලන්නේ නැතිව ඒ කෙනාට ලෙඩක්වත් තියනවද කියලා බලන්න ඕන..
කන්න දෙන ඇත හප කන නුගතුන් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ.
මමත් කොරියාවේ ඉන්න කෙනෙක්,තමන්ගේ පාඩුවේ ඉන්නවනම් ඕනෙම කාලයක් ඉන්න පුළුවන් මේ රටේ.මේ වගේ වැඩ කරනකොට තමයි වීසා නැති අයව වැඩි වැඩියෙන් අල්ලන්න ගන්නෙ.අපේ අයම තමයි මෙහෙ ඉන්න බැරි කරගන්නෙ.
සුදුසුකම් නැතිව වෙන වෙන දේ නිසා යැව්වම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?
වීසා නැතිව ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් වෙයි..
ඔය වගේ වැඩ නිසා ලංකාවට හම්බෙන කෝටා එක අනුවෙන එක තමයි වෙන්නේ..