ඩුබායි රටට ඇතුළු වීමේ තහනමක් පනවා ඇති ශ්‍රී ලාංකික කතක ඩුබායි ගුවන්තොටේ දී ආගමන නිලධරයනට ඩිරාම් 10,000 ක් (රුපියල් 36,000) දී ගුවන් තොටින් පිටවී යාමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 39 හැවිරිදි කත කියා ඇත්තේ ගෘහ සේවිකාවක ලෙස 1996 දී එරටට ගොස් හාම්පුතාගේ නිවසින් පැන ගිය බවයි. ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කිරීමත් හාම්පුතාගේ නිවසින් පැනයාමත් සම්බන්ධයෙන් වැරදි කාරිය වූ ඇය දෙමාසයක සිරදඬුවමින් පසුව 2000 දී ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බව ඩුබායි නිලධරයෝ කියති. 2008 දී යළිත් සංචාරක වීසාවකින් ඇය රටට ඇතුළු වී ඇත්තේ 59 හැවිරිදි වෙළෙඳ සේවක සැමියාගේ උදව්වෙනි. ඇය ලිපි ද්‍රව්‍ය ගබඩාවක රැකියාවක්ද කර ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි ඔබ ගැන
ඩිරාම් 10,000 රුපියල් 360,000 කි. (ස)
ඩුබායි වනසල තියෙන්නේ ලංකාවේ බොහෝ කාන්තාවන් ඇවිත් තම වීස අයිති ස්වාමියාගේ ගෙදරින් හොරෙන් පැනල එලියට ගිහින් ලෝකේ පැරණිම රැකියාව කරනවා, සල්ලි හොයන යන්තර වගේ. පොලිසියෙන් දැක්කම හැන්ගෙනවා. අපචාර වැඩ කරනවා මේනිසා උගත් වැදගත් රැකියා කරන අනෙකුත් කාන්තාවන් සහ පිරිමින්ටත් ලැජ්ජාවක් , රටේ නම කන අයට දැඩි දඩුවම් දිය යුතු. .(ස)
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට... (නි)
හොර වැඩවලට ආයුෂ නැත (දී)
ලංකාවේ නම තමයි කතා වෙන්නේ (දී)
ඩුබායි රේගුව පගාව නොගනී නොව ඩුබායි ආගමන/වීගමන නිලධරයන් පගාව නොගනී. (ස)
ඒකට අපේ ලංකාව...!(නු)
ඔතන අපේ පොලිසියේ එකෙක් හිටියානම් යන්නන තිබ්බා (නු)
දෙන දඩුවමක් බාර ගන්න (දී)
මෙතන ඩිනාර් ගණන වැරදියි නේද?(නු)
මෙයා ලංකාවෙ කොහෙ කෙනෙක්ද? නම මොකක්ද? (නු)
මුදල් ප්‍රමාණය නම් වැරදියි..!(නු)
සාධාරණයක් කරන්න බැහැ හොර වැඩක්නේ (දී)
අපේ අය ඉතින් කොහේ ගියත් ඔය වගේ වැඩවලට දක්‍ෂයිනේ දැන් ඉතින් කුම්බලා මාළු කෑව නම් විදවපන් බළලෝ කීවාලු ඩිරාම් 10,000 ක් රුපියල් 36000 ?(නු)
මෙතන මුදල රුපියල් 360000ක් විය යුතුයි ඩිරාම් 1 = රුපියල් 36(නු)
පිටුවහල්කරයි එතකොට සල්ලිත් ඉතුරුයි..!(නු)
ඩිරාම් 10000 කියන්නේ රුපියල් 360000
ඩුබායි වලින් ලැබුණු දේවල් අමතක කරන්න බැරිව ඇති.. ඒකනේ හොරෙනුත් ඇවිල්ල තියෙන්නෙ... ආයෙ ලංකාවට යන්න දෙන්න එපා..!(නු)
සමහරවිට ලංකාවෙ රේගුවනමි ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට කියයි.(නු)
ඩිරාම් එකක් රුපියල් 36 වෙනවා. එතකොට එක්කෝ පගාව දීල තියෙන්නේ දිරාම දාහක්. නැත්නම් රුපියල් තුන් ලක්ෂ හැට දාහක්. කොහොම උනත් අපේ කාන්තාවෝ සමහරක් මෙහෙ ඇවිත් පැරණිම රස්සාව කරලා ඔයිට වඩා ගොඩාක් හොයනවා. ඒ නිසා වෙන්න ඇති පගාවක් හරි දීල යන්න බලන්න ඇත්තේ.
කරන්න දෙයක් නැත. හොරෙන්නේ ගියේ
ඔය තියෙන්න
ඩිරාම් 10,000 = රුපියල් 360,000.00(නු)