නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ශ්‍රී ලංකාවේ සිට එන සියලු ශ්‍රී ලාංකිකයන් පැය 72ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට ආපසු හරවා යැවීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේය.
එම තීරණය ඕස්ට්‍රේලියාව සෙසුරාදා ප්‍රකාශයට පත් කළේය.
මේ අනුව මුහුදු මගින් හෝ බෝට්ටුවලින් වලංගු වීසා නොමැතිව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන් මේ ඉරණමට ලක් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ගන්න ඕන තීරණයක් දැන්වත් ගත්ත එක හොඳයි (ස)
අපිටත් ඔය ටික ඒ කාලේම කරානම් ගොඩක් ප්‍රශ්න හොඳටම අඩු වෙන්න තිබුණා (ස)
සදුනි ඔබගේ තත්වයට තවකෙකු පැමිණීමේ ඊර්ශියාවයි ඔබට ඇත්තේ . (ස)
හොද වැඩක් උපන් රටේ ඉන්න බැරි මිනිසුන්ට කොහෙ ගියත් ඉන්න බැහැ.. අනික මම දන්නවා කොච්චර දුක් විදින්න ඕනද කියලා අනවසරයෙන් යැව්වාම.. කොච්චර අපි උදව් කරනවාද?(නු)
ඉතා හොද තීරණයක් (ස)
ඇයි ශ්‍රී ලංකාවට විතරක් මේ නීතිය (ස)
හරියට නිතිය ක්‍රියාත්මක වෙන හැටි (දී)
ස්තූතියි..අන්න ඒ වගේ එක තීරණයක හිටියොත් දැන දැන කවුරුත් අමාරුවේ වැටෙන එකක් නෑ (ස)
නමුත් මෙහෙම එවන්නේ ලාංකිකයෝ විතරයිනේ (ස)
බොහොම හොඳ තීරණයක් (ස)
අන්න නීති (දී)
බොහොම හොඳයි , ලංකාවේ නම විකුණගෙන කන අයට හොඳ පාඩමක් (ස)
ඒතකොට ලංකාවෙන් කවුරු ගියත් නීතිය ඒකමද ? (ස)
ඒකනම් හොඳ වැඩක් (ස)
ලාංකිකයන් ලෝකයේ වෙනත් රටවලට යන්න මේ තරම් උත්සහ කරන්නේ මොකද කියල අප නම් තේරුම් අරගෙන සිටිමු. නමුත් කවදා හෝ දවසක අපේ රටේ දේශපාලකයෝත් මේ තත්වය තේරුම් අරගෙන ජනතාවට බියක් සැකයක් නැතිව ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් වගේම රටේ ජනතාවට ජීවත්වෙන්නට අවශ්‍ය මුලික ආහාරවල මිල අඩුකොට, සෞඛය පහසුකම්, නිවාස පහසුකම්, ගමනා ගමන පහසුකම් වැනි මෙකී නොකී මුලික අවශ්‍යතාවයන්ගෙන් ස්වයං පෝෂිත වුණු දිනයක අපේ රටේ දුප්පත් මිනිසුන් තමාගේ ජීවිතය පවා පරදුවට තියල යන මේ ගමන් නවතීවි.ඒ වගේම වහල් වැඩට මැද පෙරදිග යාමත් නවතීවි එහෙම දවසක් ඉක්මනින්ම උදාවේවා කියන එක මගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනය. (ස)
කාලෝචිත ප්‍රයත්නයක්. නැත්නම් ඔස්ට්‍රේලියාවෙ ඉන්නා ඇතැම් නිතීඥයින් මාර්ගයෙන් මොවුන් අධිකරණ ක්‍රියාමාර්ග මගින් පුරවැසිකම ලබාගන්නවා රජය අකමැති වුනත්. (ස)
ස්තුතියි..! හැබැයි හැමෝටම එක නීතියක් තියෙන්න ඕන..!(නු)
ඒක නම් නියමයි. ලක්ෂ 10 දීල ලංකාවේ ඉඳල දවස් 6 නොකා නොබී බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යනවා. දවස් 3 ක් ඕස්ට්‍රේලියාවේ කෑම එහෙම දීල ඒ ගොල්ලෝ තියා ගන්නවා. ඊළඟ දවසේ නොමිලේම ලංකාවට ආරක්ෂා සහිතව එක්කර ගෙනවිත් ඉන්දනවා. ශෝක් ටුවර් එක අප්පා. ආසාවේ බෑ. (ස)
ඉතා හොඳ තීරණයක්. ඕස්ට්‍රලියාවත් තවත් ඉතාලියක් වීම නවත්වගත හැකි වේවි (ස)