පැල එකොලක්ෂයක් රුක්රෝපණය කිරීමේ මහෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා ඔය අසබඩ දියත උයනේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ද, අලුත්කඩේ උපරිමාධිකරණ පරිශ්‍රයේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්විණි. ජනපති මී පැලයක් රෝපනය කලේය. මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, එස් බී දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරුද එස් එම් චන්ද්‍රසේන නියෝජ්‍ය ඇමැති ද මේ සඳහා සහභාගී වූහ.
උපරිමාධිකරණ සංකීර්ණයේදී ශිරානි බණ්ඩාරක අගවිනිසුරුවරිය කලුළුවර පැලයක් රෝපණය කළාය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු එස් ශ්‍රී ස්කන්ධරාජා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල් සමරවීර, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී දුමින්ද මුදුන්කොටුව, උපරිමාධිකරණයේ මාෂල් රියර් අද්මිරාල් එම් ප්‍රේමතිලක, උසාවි සංකීර්ණයේ ආරක්ෂක කලමණාකරු ජේ එම් එස් බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙයට එක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මොකටද ඔය වැදගෙන ඉන්නේ (ස)
මේක දැං කොමඩි රටක් වෙලා..!(නු)
නිමල්.. ගොවියෙක් පැලයක් හිටවන විට ඒ පැලයට ගෞරවයක් විදියට වදිනවා.. මම දැකලා තියෙනවා මගේ පියා මේ විදියට කරනවා මම පුංචි කාලේ.. මේක අපේ සංස්කෘතියක් සමප පැමිණෙන දෙයක්..!(නු)
මෙයා හිටවනවා අරගොල්ල වැදගෙන ඉන්නවා..!(නු)
විරාකා.. අන්න කොහෙද අක්කර 4000 ක රක්ෂිතයක් ලේඛණ වලින් අයින් කරලා වවන්න ගන්නවාලු.. තව එක්කෙනෙකුට නකල්ස් රක්ෂිතයේ අක්කර 70ක ඉඩමක් තියෙනවාලු.. පරිසර ඇමතිකෙනෙක් ඉන්නවාද මේ රටේ..!(නු)
ගොයම් ගහක් හිටවද්දී, සාත්තු කරද්දී, ගළවද්දී වදින එක සිංහල බෞද්ධයාගේ සිරිත. මොනවා වුණත් වවන්නෝ දිනන්නෝය. (නි)
පොලිතින් එක ඉවත් නොකර මේ පැලය හිටවනවා.. හරියට නිකං සුදුසුකම් නැති අයට ආණ්ඩුවෙ රස්සාවල් දෙනවා වගේ..!(නු)
වදින්න දන්නෙම නැති කට්ටිය..!(නු)
ඔවුන් ඔය වදින්නෙ ගහට නෙමෙයි.. එහෙනම් අගවිනිසුරුවරිය ඉන්න තැනත් වදින්න එපායැ..!(නු)
ඇමතිතුමා වැදලා වවනවා.. අනිත් අය වැදලා කපනවා.!(නු)
එක ගසක් මෙහේ හිටවද්දී එහේ අක්කර ගාණක් කපනවා. (නි)
සංදර්ශන නම් නියමයි.. මෙයාට වදින්නේ නැතිව කාට වදින්නද? (නු)
මේකට කියන්ෙන් වැවීමේ සහ වැදීමේ කලාව කියලයි. මේවා පැරණි සිරිත්. ඒ නිසා මේවාට මුකුත් කියන්න එපා. (නි)
දේශපාලඥයින් හොරෙන් කරන දැව ජාවාරම් නැවැත්තුවොත් අලුතෙන් ගස් හිටවන්න ඕනෑ නැහැ. (නි)
කොන්ද කෙළින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන අගවිනිසුරුවරිය ගැන ඇත්තටම අපිට තියෙන්නේ ලොකු ගෞරවයක්. භක්තියක්. (නි)
අනේ මන්දා පොලීතින් පිටින් පැල ඉන්දනවද ? (ස)
ප්‍රභාකරනගේ කාලෙදිවත් රක්ෂිත වනාන්තර වලට මෙහෙම විනාශයක් සිද්ධවුණේ නැහැ. (නි)
අපි මෙහේ පැළ එකොළොස් ලක්ෂයක් වවද්දී, එහේ ඉන්න කැළෑපාළුවෝ පැළ විසි දෙලක්ෂයක් හොරෙන් කපනවා. (නි)
ජනාධිපතිතුමාගේ චේතනාව ඉතා හොදයි. (නි)
මේ ගහ ලොකු වෙයිද? නැද්ද? කාටද හරියටම කියන්න පුලුවන්? (නි)
ඇත්තටම හරිත ලොව අපෙද පැතුමයි (දී)
අවුරුදු ගානක් හිටවපු පැල අදටත් තියෙනවා නම් බිම් අගලක්වත් ඉතුරුවෙන්නේ නැහැ. ගස් හිටවන එක හොදයි. නමුත් ඒවා පස්සේ තියෙනවාද කියලත් බලන්න ඕනෑ. පසු අධීක්ෂණයක් වියයුතුමයි. ලබන අවුරුද්දෙ හිටවන්නේ නැතිව හිටවපුවා තියෙනවාද කියලා බලන්න. (මම රජයට විරුද්ධ කෙනෙක් නෙමෙයි) (නි)
මිනීමරුවන් මදුරුවන් වගේ මිනිස්සුන්ව මරනවා. ඊට නොදෙවැනිව බඩු මිළ ඉහළ යනවා. අපේ බඩ පිටටම ඇළෙනවා... (නි)
ජනාධිපතිතුමා ගස් හිටවනකොට වටේ ඉන්න අය රක්ෂිත පිටින්ම විනාස කරනවා (ස)
අගවිනුසුරුවරිය හිටවපු ගහ තව ටික දවසකින් කපලා දාවිද දන්නේ නෑ..මතකනේ කලින් සිද්ධිය (ස)
ජයසිරිමා බෝධි අංකුරයක් වෙයි කියලා හිතලද මේ වැදගෙන ඉන්නේ (ස)
අපේ ජාතික උරුමයක් උන උඩරට නැට්ටුක්කරුවන් පැල හිටුවන විටත් නැටීම මොන ආශ්චර්යයක්ද?(නු)
බලන්නකෝ කළු පාට ඇදගෙන අපේ අගවිනිසුරුවරිය කළුවර ගසක් රෝපනය කරන ලස්සන.. වටිනාකමක් ඇති ගසක් රෝපනය නුදුරු ඉතිහාස කතාවම ලියවෙයි..!(නු)
අර ගොල්ලෝ වැඳගෙන ඉන්නේ මේක බෝ පැලයක් කියලා හිතාගෙනද ? (ස)
මී පැලේට දියවන්නාවෙ ඉන්න වව්ලො ටකි ලගීවි ලොකු උනාම... කොස් ගහක් හිටෙව්වනම් ලොකු දෙයක්.. කාගේ හෝ වැදගත් නැති අදහසක්..!(නු)
හරිත ලොවක් හදන්න කලින් අපරාධ වලින් තොර ලොවක් හැදිය යුතුයි..නැත්නම් හරිත ලොවේ ජීවත් වෙන්න කෙනෙක් නැති වේවි (ස)
ආපස්සට තමයි..!(නු)
මේ ශාකය හුගක් වටිනවා. (නි)
උඩ ඡායාරූපයේ කට්ටිය වැද ගෙන ඉන්නේ මොකටද? කොහාටද?(නු)
පුරුද්දට වෙන්න ඇති (ස)
හරිත ලොවක් ඉක්මනටම හදන එක හොඳයි .මොකද දැන් තියෙන්නේ ලෝහිත ලෝකයක්නේ (ස)
ජනාධිපතිතුමා බල්ලෙක් සුරතලේට ඇතිකළොත් වටේ ඉන්න අය ඒකටත් වැදගෙන ඉදියි...!(නු)
වනජීවි ඇමතිතුමා පැලේට වැදගෙන ඉන්නේ ඉක්මනට කපන ප්‍රමාණයට ලොකු වේවා යන පැතුමෙන්ද? (නු)
මටත් හිතාගන්න අමාරුයි අර කීපදෙනා වැදන් ඉන්නේ ඇයි කියලා (ස)
කට්ටිය වැඳගෙන ඉන්නෙ මතුවට තව ගස් ලක්‍ෂයක් කපාගන්න ලැබෙන නිසාද? (ස)
වටිනා පැතුමක්
වැදගෙන ඉන්නේ කාට හරි බයටද? කොයිවෙලේ බෙල්ල කපයිද දන්නේ නැති නිසාද?(නු)
මේ පැතුම නම් හොදයි. හැබැයි මේ හරිත ලොව අපේ විපක්ෂයේ මහත්වරු පතන හරිත ලොවක් වගේ නම් වෙන්න බැහැ හොදේ. (නි)
මේ පැල ඉක්මනට වැවෙනවා... වටිනාකම අඩුයි.. කළුවර පැල වැවෙන්න ගොක් කල් යනවා වටිනාකම වැඩියි.. කවුරු කවුරුත් අවුරුදු ගානක් තිස්සේ මේ විදයට රටේ හැමතැනම පැල සිටවනවා.. ඔය හිටවන පැල වැව්නානම් කෙම්පස් දැව හදලා රට පටවන්නත් තිබුණා..!(නු)