
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රසිද්ධ පාතාල කල්ලි නායකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ අතර ඊයේ (22) පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙන බව වාර්තාවේ.
එම ගැටුමෙන් කෙහෙල්බද්දර පත්මේ සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මත්ද්රව්්ය ජාවාරමක් හෝ කෙහෙල්බද්දර පද්මේ පසුගිය කාලයේදී පවත්වාගෙන ගිය බව කියන කිසියම් සම්බන්ධතාවයක් මෙම සිද්ධියට මුල්වන්නට ඇතැයි සැකකෙරේ .
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ දෙදෙනාම විදේශයන්හි සැගව සිටියදී ආරක්ෂක අංශ විසින් මෑත භාගයේදී මෙරටට රැගෙන එනු ලැබූවෝ වෙති.
කෙල්බද්දර පද්මේ වැලිසර බන්ධනාගාරයේ සිටියදී ආරක්ෂක හේතු මත බූස්ස ආරක්ෂිත බන්ධනාගාරයට පසුගියදා මාරු කරනු ලැබීය. ඒ ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීමක් ප්‍රකාරව අධිකරණය දුන් නියෝගයක් අනුවය.
ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් කෙහෙල් බද්දරපද්මේ චෝදනා ලබා සිටින අතර හරක් කටා චෝදනා ලබා සිටින්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ සිටියදී පලායෑමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නව එක කූඩුවක දාල ටීවී එකේ ලයිව් ප්‍රචාරය කෙරුවොත් fans ලගෙන් හොඳ ගානක් හොයන්න පුලුවන්වෙයි. ජයග්රහාහකයට පාන් කුඩු කිලෝ එකයි, ඔය ගෑණුකෙනාවයි පිරිනමන්නත් පුලුවන්.