සිය තනතුර ස්ථිර කර ගැනීමට බොරු තොරතුරු සහිත අධ්‍යාපන සහතිකයක් දුන් බව කියන ග්‍රාම නිලධාරිනියක ගම්පහ කොට්ඨාෂ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු   අත්අඩංගුවට ගනු ලැබූහ. එම ග්‍රාමනිලධාරිනිය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හොරන්පැල්ලේ පදිංචි දෙදරු මවකි.