IMG-LOGO

හොර සම්මාදම් කරුවෝ 11ක් සැකපිට

සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහරේ වංචනික ලෙස මුදල් එකතුකළ 11 දෙනෙකු එළෙස එකතු කළ රුපියල් 11929ක මුදලක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලිය කියයි.

මේ පිරිස කාලයක් තිස්සේ එලෙස වංචනික ලෙස ජනතාව රවටා ආධාර මුදල් එකතු කර ඇති බව කියති.



අදහස් (0)

හොර සම්මාදම් කරුවෝ 11ක් සැකපිට

සෑම් Thursday, 27 December 2012 10:29 PM

මෙයාලා වදින්නේ බුදුන්ටද නැත්නම් දෙවියන්ටද?(නු)

:       0       0

හිල්මි Wednesday, 26 December 2012 10:11 PM

මේකද සිංහලයාගේ දේව භක්තිය? අනේ සාධු! (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 December 2012 10:24 PM

කූඩුවෙ ලගින මේ නඩේට කාගේ පිහිටද? (නි)

:       0       0

සදරුවන් Wednesday, 26 December 2012 10:33 PM

සිංහලයා යනු දේව භක්තිකයන් නොවේ. ඔවුන් බෞද්ධයන්ය. (නි)

:       0       0

සදරුවන් Thursday, 27 December 2012 03:40 PM

මහා බ්‍රහ්මයා මනුස්ස ලෝකය දිශාවට වැදගෙන ඉන්නකොට බුදුහාමුදුරුවො ඇහුවා කාටද වදින්නෙ කියලා.. එතකොට කීවා මම වදින්නේ මනුස්ස ලෝකෙ ඉන්න සත්පුරුෂ මිනිසුන්ට කියලා.. මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලෝකෙ තියෙන හැම වැඩක්ම කරලා පළතුරු වට්ටියක් ‍දුන්නාම හරි කියලා... (නු)

:       0       0

මොහොමඩ් Thursday, 27 December 2012 12:08 AM

අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා... (නි)

:       0       0

ඖෂධ Thursday, 27 December 2012 12:18 AM

හිල්මි තමුන්ට පොට්ට නවුෆර් මතකද?(නු)

:       0       0

පුබුදු Thursday, 27 December 2012 03:35 AM

හිල්මි, නිකන් බොරුවට කැගහන්නෙ නැතුව ඉන්නවද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 27 December 2012 05:01 AM

සැදැහැවත් බෞද්ධ ජනතාවට මෙවැනි තවත් ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. මේවා මොවුන් ගොතන බොරු. අහිංසක ජනතාවගේ භක්තිය විකුණා වැඳුම් ලබන උපක්‍රම. සත්‍යයට මිස අන්ධ භක්තියට බුදු දහමේ ඉඩක් නැහැ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 27 December 2012 05:03 AM

"සදරුවන් 2012-12-26 22:33:13 සිංහලයා යනු දේව භක්තිකයන් නොවේ. ඔවුන් බෞද්ධයන්ය" එතකොට අර ක්‍රිකට් ලෝක කුසලාන දිනවා දෙන්න කියා තිරුපති කෝවිලට ගිහින් වැඳගෙන උන්නේ මොන ජාතිකයන්ද කියා මට මතක් කර දෙන්නකෝ. (නි)

:       0       0

යෝනුස් Thursday, 27 December 2012 07:39 AM

ඒ සමන් දෙවියන් "අපිටත් අයිතියි" යනුවෙන් තර්ක කළහොත් ඔවුන්ට දෙන පිළිතුර කුමක්ද? (නි)

:       0       0

සුනිල් Thursday, 27 December 2012 08:14 AM

මේ අයටත් දේව කරුණාව සහ රැකවරණය තියෙන නිසා බයවෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

රසිකා Thursday, 27 December 2012 08:14 AM

මෙයාලට නීතියෙන් නැතත් සොබාදහමෙන්ම දඩුවම් ලැබෙයි..!(නු)

:       0       0

සෑම් Thursday, 27 December 2012 08:44 AM

සඳරුවන්,හිල්මි... මෙලොව සහ අනිත් ලෝකවල දෙවිවරු ගොඩාක් සිටිනවා බුද්ධාගමට අනුව.... යහපත් දෙවිවරුන් සහ අයහපත් දෙවිවරුන්... අයහපත් දෙවිවරුන් වැඩියි... හොඳ දෙවිවරුන් ප්‍රමාණයෙන් අඩුයි.... සමන් දෙවියන් කියන්නේ ලංකාවේ බෞද්ධාගමත්, ලංකාවත් ආරක්ෂා කිරීමට බැඳීසිටින යහපත් දෙවි කෙනෙක්.... ඒකයි බෞද්ධයන් සමන් දෙවියන්හට වන්දනාමාන කරන්නේ.....(නු)

:       0       0

බුද්ධිකා Thursday, 27 December 2012 09:12 AM

අනේ මේවාට නිසි දඩුවම් ලැබෙයි..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 27 December 2012 10:04 AM

කළ දුටු කළ වළ ඉහ ගන්නවා කියන්නේ මේකට තමයි..!(නු)

:       0       0

නාරද Thursday, 27 December 2012 10:19 AM

මොන ක්‍රමේට උනත් ගොඩක් සල්ලි වලට වෙන්නේ ඕකම තමයි..!(නු)

:       0       0

ලලිත් - කටාර් Thursday, 27 December 2012 11:58 AM

දැන්වත් මෙවැනි වංචනික ක්‍රියා වලින් ජනතාව ගසාකන එක නවත්වන්නට ක්‍රමයක් සෙවුවොත් නේද හොද? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 01:44 PM

බුදුරජාණන් වහන්සේගේ නිර්මල දේශනා අනුව බෞද්ධ දර්ශනයේ දෙවියන් පිළිබද විශ්වාසයක් නැහැ නේද? එහෙමනම් මෙවැනි දෙවිවරුන් ඇති වුණේ කොහෙන්ද? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 09:29 PM

මේ අයට චතුරාර්ය සත්‍ය කියලා වැඩක් නැහැ.!(නු)

:       0       0

ෂෙරීෆ් Thursday, 27 December 2012 09:32 PM

මේ ළගදිත් සිවුරු පොරෝ‍ගෙන මුදල් එකතු කළානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site