ලන්ඩනයේ හැරෝ නගර සභාවේ නව සභාපති ලෙස වැඩ බාර ගත්  ශ්‍රී ලාංකිකයෙක් එහි සේවකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා කෑම සකස් කළේය.

කැන්ටිමේ මුළුතැන් ගෙට ගිය  දයා ඉදෙයික්කදාර් මහතා පැවසූයේ කෑම ඉවීම තමා ප්‍රිය කරන දෙයක් බවයි.

බැටලුසුප්, කුකුළු මස් සහ නිවිති, පරිප්පු, බාස්මතී බත් ද අතුරුපද වශයෙන් අන්නාසි හා වියළි මිදි සූදානම් කැර තිබිණි.