පක්ෂ සාමාජිකත්වය තහනම් කළැයි එජාප මන්ත්‍රීන් තිදෙනෙකු හා පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනෙකු පක්ෂ නායකත්වයට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයේ පවරා තිබූ පෙත්සම අද යළි කල් ගියේය. වගඋත්තරකරුවන් සේ නම් කර තිබූ සජිත් ප්‍රේමදාස මහතාට සහ දයා ගමගේ මහතාට නොතීසි නොලැබීම ඊට හේතුවයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා මහලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ට නොතීසි ලැබී තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම හා පාලිත රංගේබණ්ඩාර ද, පළාත් සභා මන්ත්‍රීන් වන ශිරාන් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න මහත්වරු පෙත්සම ගොනු කැර තිබිණි. දිසා විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විභාගය ලබන 18 වැනිදිනට කල් තැබුවේය. පක්ෂයේ අවසරයක් නැතිව හයිඩ් පිටියේ පැවති සංඝ සභා රැස්වීමකට යාම නිසා එම මන්ත්‍රීන්ගේ සාමාජිකත්වය තහනම් කැර තිබිණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මහත්තයෝ ඕකට ගියේ (දී)
මොකද්ද ඒ කට්ටිය කල වරද (දී)
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියානම් ඉවරයිනේ (දී)
විකාර කියන්නේ මේවා තමයි (දී)
මදැයි කර ගත්ත දෙයක් (දී)