IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හඳ මාමා පැටවුනට පැරීසියෙන් අත හිත

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව  ප්‍රචාරය කරන "හඳ  මාමා" ළමා වැඩසටහනට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ ස්වර්ණ ජයන්තිය  දීප ව්‍යාප්ත ළමා කතා තරඟයේ ජයග්‍රාහකයන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

 ප්‍රථම ස්ථානය හිමිකරගත් පයාගල අමිදු සන්චන මුතුකුඩආරච්චි ශිෂ්‍යයා වෙත  ප්‍රංසයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියෝ ද දෙවැනි ස්ථානය හිමිකරගත් වටපුළුවේ ඒ.ආර්.එම්. සෙමිනී ආශිංසනා ශිෂ්‍යාව  පැරීසියේ බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමියෝ ද ශිෂ්‍යත්ව පිරිනැමූහ.. 

වසර 50ක් පුරා හඳ මාමා වැඩසටහන ඉදිරිපත් කළ සුමනා ජයතිලක මහත්මියගේ මෙහෙයවීම යටතේ සිදුකළ මෙම ස්වර්ණ ජයන්ති උත්සවය ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පවතී අතර මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමි පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමියෝ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවාටත් අත්තනගල්ලේ වජිරඥාන හිමියෝ දෙවෙනි ස්ථානය දිනාගත් සිසුවියටත් රුපියල් එක්ලක්ෂ විසිදහස බැගින් වටිනා ශිෂ්‍යත්ව පිරිනමුහ.

මසකට රුපියල් දෙදහස බැගින් වසර පහක් එම දරුවන්ගේ ඉගනීමේ කටයුතු වලට මෙම මුදල් හිමිවෙයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ  මහත්වරු ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

 



අදහස් (0)

හඳ මාමා පැටවුනට පැරීසියෙන් අත හිත

මුනාස් Sunday, 30 December 2012 06:28 PM

පුරාජේරුවකට කියනවා නෙමෙයි. මමත් දරුවන් තුන් දෙනෙකුට මාස්පතා රුපියල් 1000 බැගින් දෙනවා. (නි)

:       0       0

කර්නිකා Tuesday, 01 January 2013 07:20 AM

ආදරණීය අම්මේ, ඔබේ දරුවන් සියලු දෙනාම ඔබ ගැන ආඩම්බර වෙනවා. (නි)

:       0       0

ශලනී Monday, 31 December 2012 05:11 AM

මෙය පළකළාට ලංකාදීප, ඔබට ස්තූතියි! අපි ලංකාවේ නැතිවුණත් අපිටත් මේකට සම්බන්ධ වෙන්න පුලුවන් වුණා, මේ නිසා. (නි)

:       0       0

සිල්වා Sunday, 30 December 2012 02:08 PM

පැරිසියේ, අප මහා සංඝරත්නයට දීර්ඝායුෂ! (නි)

:       0       0

හේමසර Sunday, 30 December 2012 02:40 PM

අගය කළ යුතු වැඩක්. නියමයි. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 12:34 PM

ඇත්තෙන්ම හොඳ දෙයක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site