ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරයට රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පසුගියදා තැන්පත් කැරිණි. පිළිම වහන්සේගේ උස අඩි පහමාරකි.
රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙනේ දක්ෂ ප්‍රතිමා ශිල්පීන් අති නිමැවූ මෙම හිටි පිළිම වහන්සේ පූජා කරන ලද්දේ ලන්ඩනයේ ශෂිකලා ගුණසේකර පවුලේ ප්‍රී, ශීලා, දිනේෂ්, ප්‍රදීප්, සුරංගි, සඳලි, දෙව්නි විසිනි. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිළිමවහන්සේ ලන්ඩන් නුවරට වැඩමවන ලද්දේ ශ්‍රී ලංකාවේ ‘ඇලෝ ලොජිස්ටික්‘ හා ලන්ඩනයේ ‘ක්‍රාෆ්ට් ඩිස්ටිබියුටඩ්‘ නැව් සමාගම් අධිපති ප්‍රියංග ඩයස් මහතාගේ හා කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙනි.
ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ චමින්ද කුලරත්න, එච් එම් කේ හේරත් යන මහත්වරු ද පින්කමට එක් වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd