ලන්ඩන් නුවර හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
අටවිසි බුද්ධ මණ්ඩපයක් සාදා අටවිසි මහා බුද්ධ පූජාවක් පැවැත්විණි. අලංකාර මල් සැරසිළි වලින් මණ්ඩපය වර්ණවත්විය. කප්රුක් පූජාවක් ද පැවැත්විණි.
මෙම පිංකමට එක්සත්රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
විනයානුකූලව මැසූ සිවුර කඨින පිංකමෙහි ප්‍රධාන දායකත්වය දැරූ අමල් එදිරිසූරිය හා නදීකා එදිරිසූරිය දෙපළගේ නිවසේ සිට දර්ශනීය පෙරහරකින් කඨින චීවරය විහාරයට වැඩමවන කැරැවිණි. සිසුහු ද ඒ පෙරහැරට එක්වූහ. දායකයෝ පෙහෙවස් ද සමාදන් වූහ.
දායක සභාවේ හා තරුණ පිරිසගේ පූර්ණ සහයෝගය සහ ආධාර උපකාර මත විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි 400 කට අධික පිරිසක් එක් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු !! සාදු !! .(ස)