(ඩයනා උදයංගනී)
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල හෙට (11) සිට මෙම මස 13 වැනිදා දක්වා තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයින පුරා ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ත් 60 දක්වා වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 60ක පමණ වේගවත් තද සුළං ඇතිවන අතර මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවලත්, මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ද එම ප්‍රකාශකයා ස`දහන් කළෙAය.
මේ හේතුවෙන් ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් විමසිලිමත් විය යුතු බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd